
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමාට ලබා දුන් මැලේරියා ඖෂධ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධයක් ලෙස පූර්ණ අන්ධභාවයට පත්වීම හේතුවෙන් ලැබිය යුතු වන්දි මුදල නොගෙවන ලදැයි සදහන් කරමින් ඊට සහන ලබා දෙන ලෙස ඉල්ලා යුද හමුදා මේජර්වරයෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය අදාළ වන්දි මුදල් අන්ධභාවයට පත් මේජර්වරයාට වහාම ගෙවන ලෙස යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත.
දෙහිවල , දුම්රිය පාරේ පදිංචි ආර්.කේ.පී.ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමහි වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබි තිබිණි.
යුද හමුදා මේජර්වරයා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත අභියාචනාධිකරණ තීන්දුවේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව සිටින යුද හමුදා මේජර්වරයකි.
පෙත්සම්කරු අන්ධභාවයට පත් වීමට හේතුව වශයෙන් යුද හමුදා වෛද්‍ය සභාවේ ලේඛනයෙහි සදහන් කර ඇත්තේ උතුරු නැගනහිර ප්‍රදේශයේ සිටියදී මැලේරියා රෝගය සදහා ලබා ගත් ඖෂධ හේතුවෙන් ඇති වූ පශ්චාත් අනිටු ඵලයක් හැටියටය.
මෙම තත්ත්වය අනුව පෙත්සම්කරු පූර්ණ අන්ධභාවයට පත් වූ බව නිර්දේශ කර සේවයන් විශ්‍රාම ගන්වා ඇත.
ඒ අනුව පත්සම්කරු 22/93 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ඇත.ඒහෙත් ඔහුට හදිසි අනතුරකින් සිදුවූ අන්ධභාවයක් නොවේ යැයි සදහන් කරමින් පෙත්සම්කරුට වන්දි ගෙවීම යුද හමුදාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
එහෙත් පෙත්සම්කරු මව්බිම වෙනුවෙන් සටන් කරනු ලැබූ රණවිරුවෙකු ලෙසතම අයිතිවාසිකම් වෙනුවෙන් දිගටම සටන් කරනු ලැබීය.ඒ අනුව පෙත්සම්කරු වෙනුවෙන් තවත් පරීක්ෂණ මණ්ඩලය පත් කළේය. එම මණ්ඩලයේ නිර්දේශය අනුව පෙත්සම්කරුට වන්දි ගෙවීමට නියම කරනු ලැබීය.
නමුත් තත්ත්වය මෙසේ තිබියදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2018 .12.29 දින වන්දි ගෙවීම සදහා නව චක්‍රලේඛයක් හදුන්වා දුන්නේය.ඒ අනුව පෙත්සම්කරුට මුල් චක්‍රලේඛය අනුව වන්දි ලබා ගැනීමට නොහැකි විය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී නව චක්‍රලේඛය අතීතයට බලපාන පරිදි සම්මත කර නොමැති අතර පරණ චක්‍රලේඛයද අවලංගු වීමක්ද නොමැත.එමගින් පෙනී යන්නේ පෙත්සම්කරුට වන්දි ගෙවීම සදහා ඕනෑම චක්‍රල්ඛයක් තෝරා
පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ 2016 වසරේ නොවැම්බර් 04 වැනි දින වන අතර නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ඊට වසර 2 ½ කට පසුවය.ඒනම් 2018 වසරේ අප්‍රේල් 05 දිනය.
පෙත්සම්කරුගේ පෙත්සම කඩිනමින් විභාග කළා නම් ඔහුට නියමිත සහනයන් ලබෙනු ඇත.
ඒ අනුව පෙත්සම්කරුගේ පෙත්සමට අවසර ලබා දෙන ලෙසද , පෙත්සම්කරු පෙත්සම මගින් ඉල්ලා සිටින වන්දි මුදල ප්‍රධාන සහනයන් ප්‍රදානය කරන බවද තීන්දුවේ සදහන් වේ.
පෙත්සම්කරු වෙනුවන් නීතීඥ භූපති කහතුඩුව මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ මෛත්‍රී අමරසිංහ මහතා පෙනී සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.