
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේදී සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරලගංජා කිලෝ කිලෝ 67 ග්‍රෑම් 500 ක් තිබී ඊයේ (30) දින සොයාගත් බවට නාවික හමුදාව පැවසීය.
උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් මාන්තෙයි මුහුදු වෙරලේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කැලෑවේ ස්ථාන දෙකකදී ගෝනී තුල සඟවා තිබූ අදාල කේරල ගංජා තොගය සොයා ගෙන ඇත .
එහිදී ගෝනි දෙකක් තුල පාර්සල් 32ක අදාල කේරල ගංජා තොගය හමු වී ඇති අතර සොයාගත් කේරල ගංජා රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැත.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් බොට්ටු වලින් රැගෙනවිත් මාන්තෙයි මුහුදු වෙරලට රැගෙනවිත් මෙලෙස මුහුදු වෙරලේ සැඟවීමට ජාවාරම් කරුවන් පියවර ගෙන ඇති බවට නාවික හමුදාව සැක පලකර සිටියේය.
සොයාගත් කෝරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා වංකාලෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

COMMENTS