(විනීතා එම් ගමගේ)
සෞඛ්‍යයට අහිතකර ලෙස කැල්සියම් මිශ‍්‍ර කළ ආහාර ඇසුරුම් නිෂ්පාදනය කළ පානදුර මහානාම පාරේ පොලිතින් කම්හළක් වටලා රුපියල් මිලියන 2 කට අධික වටිනාකමින් යුත් පොලිතින් නිෂ්පාදන මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා විශේෂ පොලිස් ඒකකය එක්ව මෙම වැටලීම සිදු කළ බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
ජාතික පාරිසරික පනත අනුව, කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගැනීම අනිවාර්ය වන අතර මෙම කර්මාන්තකරු විසින් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබාගෙන නොමැති බවත් 2017/09/01 දාතමින් අංක 2034/34 යටතේ, පරිසර පනත ප‍්‍රකාරව පොලිතීන් නිෂ්පාදන කිහිපයක් සඳහා තහනමක් පනවමින් නිකුත් කරන ලද, රෙගුලාසිය ද උල්ලංඝනය කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගනු ලැබූ ආහාර ඇසුරුම් මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කර ඇත්තේ,තහනම් කරන ලද වැඩි ඝනත්වයක් සහිත පොලිතිලීන් යොදාගෙන යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම තහනම් පොලිතීන් ඇසරුම් ගල්කිස්ස හා පිටකොටුව යන ප‍්‍රදේශවල අලෙවි කරන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරිම යටතේ, ප‍්‍රධාන චෝදනා 02කට අදාළව කර්මාන්තකරුට එරෙහිව පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරමින්, නීතීය ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
තහනම් පොලිතීන් වටලමින් ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කරමින්, සෞඛ්‍යාරක්ෂිත හා පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලට පිවිසිමට අවශ්‍ය පසුබිම සැකසීම මධ්‍යම පරිසර අධිකාරියේ අපේක්ෂාව බවත් දැනුවත් තොරතුරු අප වෙත සැපයිමෙන් මෙම සමාජ සංරක්ෂණ කාර්ය සාර්ථක කරගැනීම සඳහා මහජනතාවට ද සහභාගී විය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
2025 නොවැම්බර් මස 17
78
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
915
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2536
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මිලියන 2ක් වටිනා තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට