(සුජිත් හේවාජුලිගේ)
මෙරටට මුලින්ම ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000න් මේවනවිට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබාදීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරන කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචිවී සිටින 1,130කට යුද හමුදා රෝහලේදී ෆයිසර් එන්නත පෙරේදා(8) ලබාදුන් බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
සෙසු සිසුන් පිරිසටද ඉදිරි දිනවල ෆයිසර් කොවිඩ් මර්දන ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද කීය.
"ෆයිසර් එන්නත මේ ආකාරයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ,විදේශ රටවල යන්න සිටින සහ ෆයිසර් එන්නත පමණක් ඉල්ලන රටවල්වලට යන සිසුන්ට ලබාදෙනවා. ඊට අමතරව ඉතිරි තොගය මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබාදීමට තීරණය කරලා තියනවා .මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයක් ගැන කතා කරනවා. ඉන්දියාවෙන් ඒක එයි කියලා කියනවා. එහෙම නම් එන්න තියෙන ආසන්නතම ස්ථානය ඔය ප්‍රදේශය. ධීවරයින් අතර මාරුවීමක් හරි වුණොත් එහෙම. එවැනි තත්වයක් වෙන්න අපි ඉඩදෙන්නේ නෑ. එහෙම තත්වයක් ඇතිවුණොත් කියලා තෝරාගත් එවැනි ධීවරයින් ඇතුළු කණ්ඩායමකට තමයි ෆයිසර් එන්නත මන්නාරම ප්‍රදේශයේ දී ලබාදීමට කටයුතු කරන්නේ."
මේ අතර කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම රජය විසින් පසුගියදා අත්හිටුවනු ලැබීය.
රජය මේ තීරණය ගෙන ඇත්තේ මේ මස තුන්වන සතිය වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත නිසාය.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
176
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලින්ම ආපු ෆයිසර් මන්නාරමේ ධීවරයන්ට