IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිලින්ද මොරගොඩ ඉන්දීය ජනාධිපතිට අක්තපත්‍ර පිරිනමයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවරදී අද (22) ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.

අමාත්‍යවරයකුගේ නිල තත්ත්වය (කැබිනට් නිල තත්ත්වය) යටතේ මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර ඇත.

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් පිළිගත් සම්ප්‍රදාය වෙනස් කරමින් නව සම්ප්‍රදායක් ස්ථාපිත කර තිබෙන අතර ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් අක්තපත්‍ර බාර දීම සිදු කෙරුණු.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අක්තපත්‍ර පිළිගැන්වූයේ ද විඩියෝ තාක්ෂණය ඔස්සේ ය.

ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන් මන්දිරයේ සිට ඉන්දීය ජනාධිපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය. ඒ අනුව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා එම අවස්ථාවේ දී ඉන්දීය ජනාධිපතිවරයා ට අක්තපත්‍ර පිළිගැන්වීය. 



අදහස් (0)

මිලින්ද මොරගොඩ ඉන්දීය ජනාධිපතිට අක්තපත්‍ර පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site