(තිළිණි ද සිල්වා)
කොළඹ කොටුවේ , ශ්‍රීමත් බාරෝන ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් බලපත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ අමාත්‍යාංශ විෂයය පථයන් යළිත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා ඊයේ දිනයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
මිලෝදා ආයතනය හෙවත් ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් මීට පෙරත් ආරක්ෂක අමාත්‍යාංය යටතේ වෙනම ආයතනයක් ලෙස පැවති අතර නව ගැසට් නිවේදනය අනුව එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයක පීඨයක් වෙන්න සියලු අවශ්‍යතා සම්පුර්ණ කරලාද? දැනට මහාචාර්යවරු සහ ආචාර්යවරු කීදෙනෙක් ඉන්නවාද?. විශ්ව විද්‍යාලයක ප්‍රමිතියක් ඇති විෂයමාලා තියෙනවද?. එහෙම නැතිව මර්වින් සිල්වා ආචාර්ය උපාධිය ගත්තා වගේද?
මිලෝදා ගැන අපි වඩාත් හොඳින් දැන ඉගෙන ගත යුතුයි..
දැන් ලංකාව රාජපක්ෂලාගේ පුද්ගලික දේපලක් බවට පත් වෙලා.