(ටී.කේ.ජී.කපිල)
කොරෝනා වසංගත රෝග තත්වයත් සමග යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයන් 120 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(05) දහවල් මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලාංකිකයන් මාලදිවයින තුළ පිහිටි සංචාරක හෝටල්වල රැකියාවල නියුතුව සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
මාලදිවයිනේ , මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය දහවල් 11.03ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd