(දසුන් රාජපක්ෂ)
ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්ඩංගුවට ගෙන මාලදිවයිනේ රඳවා සිටි ශ්‍රී ලංකාවේ ධීවරයන් අටදෙනෙකු නිදහස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
මාලදිවයිනෙහි නාවික හමුදාව ඉකුත් 16 වැනි දින අත්අඩංගුවට ගත් මෙම ධීවරයෝ ගාල්ලේ පදිංචිකරුවෝ වෙති.
ධීවරයන් අටදෙනා සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා හය හෙට (20) මෙරටට රැගෙනඒමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.
මෙම ධීවරයන් ඉකුත් 13 වැනිදා ගාල්ල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට පිටත්ව ඇති අතර ඔවුන්ගේ සබඳතා නතරවීම හේතුවෙන් සොයාබැලීමේදී මාලදිවයිනේ නාවික හමුදාව බාරයට පත්ව ඇතැයි වාර්තා වූ බව ඩග්ලස් දේවානන්ද මහතා කියා සිටියේය.
ඒ අනුව මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ධීවරයන් හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමට අනුව ඔවුන් සහ ධීවර යාත්‍රා නිදහස් කිරීමට මාලදිවයින් රජය පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලදිවයිනේ රඳවා සිටි ලාංකික ධීවරයන් නිදහස්