රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වලදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂකාරය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි කිරීමකදී අදාල බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදී හමු වූ යුද උපකරණ අතර ජීව අත්බෝම්බ දෙකක්, ආර්.පී.ජී. උණ්ඩ දෙකක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05 ක් මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ දෙකක් සොයාගත් දෑ අතර වෙයි.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන්නට ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාරය බලකාය සැක පල කර සිටින අතර මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව මෙම බෝම්බ තොගය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
මුලතිව් පුදුමාතලන් කැලෑ බඳ ප්‍රදේශයක සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබේ.
නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්යය බලකා මුලතිව් කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමක දී අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.
එහිදී ජීව අත් බෝම්බ 02ක් , ආර් පි ජි උණ්ඩ 02 , මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05ක් , මිලිමීටර් 81 මෝටාර් උණ්ඩ 02ක් සොයා ගෙන ඇති බව සඳහන් වෙයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සඟවා තිබු ඒවා බවට සැකකරන බව විශේෂ කාර්යය බලකාය පවසයි.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි
බව්වා Thursday, 16 April 2020 08:49 AM
මෙන්න කොටි එනෝ...