
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්ඳිමලෙයි පුරාවිද්‍යා ස්ථානයෙන් මතු වූ අනුරාධපුර පළමු යුගයන්ට අයත් පෞරාණික ස්ථූපයේ කැනීම් කටයුතු අවසන් වීමෙන් පසුව එහි සංරක්ෂණ කටයුතු නිල වශයෙන් ආගමික වතාවත් වලට අනුව ආරම්භ කරනු ලැබීය.
අඩි 20 ක පමණ උසින් යුතු මෙම ස්ථූපයේ කැනීම් කටුයුතු අවසන් වීමෙන් අනතුරුව එය සරක්ෂණය කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
අනුරාධපුර යුගයේ පළමු හා තෙවන සියවස් අතර කාලයේදී ඉදිවූවේ යැයි සැලකෙන මෙම පූජා භූමියේ පැරණි නටඹුන් කිහිපයක් පසුගිය 2020 වසරේ නොවැම්බර් මස 26 සහ 27 දිනයන්හි සොයාගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් සමත් වූ අතර අනතුරුව 2021 වසරේ ජනවාරී මස සිට එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරන ලදි.











COMMENTS
ලස්සන ප්‍රවෘත්තියක්. මෙය අපත් එක්ක බෙදා ගත් ලංකාදීප පුවත්පත් කාර්ය මණ්ඩලයට පින්.
මුලතිව් කුරුඳුමලෙයි ස්ථූපයේ සංරක්ෂණ කටයුතු සඳහා සහභාගි වෙන්න භික්ෂුන් එන්නත ලබාගෙන තිබේද? මෙවැනි කටයුතු සියල්ල තාවකාලිකව නවතා දැමිය යුතු නොවේද?
ඉතාමත්ම හොඳ කාරියක්. ජනාධිපති තුමාට රටම ස්තුතිවන්ත විය යුතුයි. ඕවා ගිය ආණ්ඩුව කාලේ බුදු පිළිමයක්වත් ගෙනෙයන්න ඉඩ ලැබුනේ නැති පළාත්...
නියමයි, ඇත්ත ඉතිහාසය වලලන්න කාටවත් බැරිය. ඇත්ත නැවත නැවත ඉස්මතුවන්නේය. බොරු ඉතිහාසයක් මවාපාන අයට දඩුවම ස්වභාවධර්මයෙන්ම ලැබෙන්නේය මේ රටේ සිංහල බෞද්ධයකන්ට උරුම වුණ ලෝකයේ අතිවිශිෂ්ඨ දර්ශණයක් හිමි අනගි රටකි.
නියමයි
අවංකවම සතුටුයි