විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි.
පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ සතුව තිබූ කඩුලු 98 පසුකරමින් කඩුලු 99 ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වූයේය. නවසීලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගම මාලිංග 99 වැනි කඩුල්ල දවාගත්තේය.
විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100 ක් දවාගන්නා පළමු පන්දු යවන්නා වීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් එක කඩුල්ලක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග සැබෑම දක්ෂයෙක් , යකෙක්ටවත් බය නැති නියම සිංහයෙක් කියල පිළිගන්න අය ලයික් එකක් දාමු ..
ඔබට අපගේ උණුසුම් සුබපැතුම් !!
ඕවර 3ට ලකුණු 36ක් දීපු ඉසුරු උදාන [හැම මැච් එකේම අම්බානට කන] අන්තිම ඕවරේ ලකුණු 3ක් බේරගන්න ට්‍රයි කරනවා දැක්කම මට මොකක්ද වෙලා ගියා. පන්දු යවන්නන් 7ක් හිටපු ටීම් එකක් ලකුණු 175ක් බේරගන්න කාපු කට්ටක්...
රටට ආඩම්භාරයක්. තව එකක් ගන්න වරම් ලැබේවා!
ඔබට අපගේ උණුසුම් සුබපැතුම් !!
මාලිංගට අන්තිම ඕවරේ යවන්න තිබුන.
අපෙනුත් සුභපැතුම්. ඒ වගේම මාලිංග ඉතුරු මැච් දෙකම දිනලා, සතුට සමරන්න උත්සාහ කරමු. ජය ප්‍රාර්ථනය කරනවා.
සියවන කඩුල්ලත් ලැබෙන්න ප්‍රර්ථනා.
ලසිත් මාලිංග සහ මුරලිදරන් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ වර්ග තුනෙහිම වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයින් බවට පත්ව සිටිනවා. ජයවේවා...!!!