(මනෝජ් හර්ෂික)
මිල්කෝ සමාගම විකුණා දැමීමට රජය හෝ තමන් කිසි ලෙසකත් ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අද (08) පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මිල්කෝ සමාගමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
“මිල්කෝ සමාගම විකිණීමේ අදහසකින් පසුවන්නේ බහුජාතික සමාගම්වලට කඩේ යන වෘත්තීය සමිති යැයි කියාගන්නා පිරිසක්. නමුත් මෙම සමාගම විකිණීමට අපි කිසිසේත් ම ඉඩතියන්නේ නැහැ.
මිලියන 9ක් ඉක්මවා ආදායමක් පවතින සමාගමක් ඇයි විකුණන්නේ?” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් විමසීය.
COMMENTS
මම අැහැව්වාමයි වෘත්තිය සමිති රජයේ සම්පත් විකුණනවා.. අැත්තටම මොවුන්ට පිස්සු දැන්..
ඇත්ත තමයි... මොවුන්ට පිස්සු හැදිලා. අලුතින් ජනනායකයන් පත්කර ගන්න කාලෙ ඇවිදින්...
ආදායම මිලියන 9 ඉක්මවුවට පාඩුව කීයද? විකිණීම තීරණය වෙන්නේ ඒකෙන් නේ.
මිල්කෝ සාමාගම එදා කිරි මණ්ඩලය. හොඳට ලාභ ලබපු ආයතනයක් මෙදා එහි පරිපාලනයට පත්කර යවපු හැම දේශපාලන කෙනාම එම සමාගම මරලම දැම්මා ..
මෙයාට කරන්න පුළුවන් දෙයක් නැහැ.