(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කළ වියළන ලද මෝර වරල් කිලෝ 500 ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මත්ස්‍ය වර්ගයක් වන පයිප් ෆිෂ් (pipe fish) හෙවත් මුහුදු බූරුවන් කිලෝ 130 ක්, කල්පිටිය උච්චිමුණේ දූපත අසල පිහිටි ඔත්තුප්පනඩිය අසල තිබියදී කල්පිටිය පොලිසිය අද (14 ) අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.
පොලිසිය විසින් සොයා ගත් මෝර වරල් සහ මුහුදු බූරුවන් ශ්‍රී ලංකාවේ සිට යුරෝපීය රටවලට අපනයනය කරන තිබූ ඒවා බව වැටලීම සිදු කළ කල්පිටිය පොලිස් පවසයි.
යුරෝපීය රටවල ආහාරයක් වශයෙන් සහ සැත්කම් අවශ්‍යතා සඳහා යොදා ගන්නා බව පොලිසිය කීය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය අනුව පොල් කොළ මෝරා සහ මිණි මුතු මෝරා ගේ වරල් සන්තකයේ තබා ගැනීම තහනම් බවය.
සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත බව කල්පිටිය පොලිසිය පවසයි.



2025 දෙසැම්බර් මස 18
211
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
969
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝර වරල් 500 ක් - මුහුදු ජීවීන් 130ක් සමඟ 4ක් අත්අඩංගුවට