
( තිළිණි ද සිල්වා )
අන්තර්ජාල වංචා චෝදනා මත මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සියලුම නයිජීරියානු ජාතිකයින් 44 මෙරටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේවන විට නීතිපති දෙපාර්තුමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස් වහාම පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා දුන් නියෝගය මත ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් අදාළ කටයුතු සිදු කෙරමින් පවතින බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම නජීරියානුවන් සදහා මෙරටට අධිකරණවල නඩු විභාගයන් පැවැත්වෙන හෙයින් ඔවුන් පිටුවහල් කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව ගත හැකි සුදුසුම පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තුමේන්තුවෙන් නීතී උපදෙස් ලබා ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
පසුගිය මාස කිහිපය තුළදී අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට නයිජීරියානු ජාතිකයින් 44 දෙනෙකු රාජ්‍ය අරමුදල් උපයෝගී කරගනිමින් රැඳවුම් මධ්‍යස්ථානයට පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට නියෝග කර තිබිණි.
අනුව මෙම ජාතිකයින් පිටුවහල් කිරීම සඳහා රුපියල් මිලියන 41 ක් පමණ වැය වන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර ඒ වන විටත් මුළු මුදලින් සියයට 80 ක් ගෙවීමට පොලිස් දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බව වාර්තා වේ.
COMMENTS
අප නොදන්නා නිසා මෙසේ පැනයක් විමසීමට කැමැත්තෙමු. දැන් මේ පල් හොරුවන්ව එම රටට පිටුවහල් කිරීමේදී වැයවන මුදල් එරටේ තානාපති කාර්යාලය මගින් අප රටට නැවත ලබාගැනීමට නොහැකිද ? මුන්ව හිරගෙවල් වල තබාගෙන නඩත්තු කිරීම තවත් වියදමක් බැවින් පිටුවහල් කිරීමේදී වැයවන මුදල රටට පාඩුවක් වුවත් මුන්ව යවන එක නම් වඩාත් සුදුසු නොවේද ?
ආයේ මෙහෙට එන්න බැරි වෙන්න මේ අයගේ පාස්පෝට් බ්ලැක් ලිස්ට් කරන්න..!
'රුපියල් මිලියන 41ක් පමණ වැයවන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර' මේ 44 ක් යවන්න මි. 41ක්? 41ක්ද? 4.1ක්ද? ටිකට් එකක් ලක්ෂ 5ක් වුණත් යන්නේ මිලියන 2.2යි. මොවුන්ව අත්අඩංගුවට ගන්න කොට අල්ලාගත්ත සල්ලි මොවුන්ටම ආපහු දෙනවද? මේ වගේ නිලධාරි ඉන්න කොට රටට කෙලවෙනවා කියන්න අහන්නත් දෙයක්ද? තව අපේ බදු මුදල් වලින් කන්න දිදී තියාගන්න.