IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

(තරංග ගුණරත්න) 

වැලිගම මිරිස්ස පෙදෙසේ දි වෙඩි තැබිම සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ තවත් පුද්ගලයකු  හෙරොයින් සමඟ අද (3 ) අත්අඩංගුව ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි .

වැලිගම පොලිස් වසමෙ මිරිස්ස පෙදෙසේ පසුගිය  (30 ) දා උදැසන  මිරිස්ස වරාය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු වන අමිල ප්‍රසංග   නොහොත් ෂන්සයින් සුද්දා යන අයට  නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පලායන  අවස්ථාවේ  පෙදෙසේ තරුණ හා ජනතාව විසින් එක්ව දැඩි වෙහෙසක් දරා එහි පැමිණි යතුරු පැදිකරු අල්ලාගෙන පොලිසියට බාරදුන්නේය.ෙ

එහිදී අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දාගේ වම් අත තුවාල සිදුවී තිබිණි. වෙඩි තැබිම සදහා පැමිණි පාතල සාමාජිකයා  ත්‍රීරෝද රථ   මඟින් පලාගොස් තිබිණි.

ඒ   සහය ලබා දුන් බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 11 දින  දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේ්ස්තාත්වරයා නියෝග කළේය.

කෙසේ නමුත්  මෙම සිද්ධිය සම්බන්ධයෙන්  තවදුරටත් කළ විමර්ශන අනුව  අතුරුගිරියේ  පදිංචි   කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියෙ ජෙරම්  නැමැති පුද්ගලයකු  හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ  විමර්ශන අංශය පොලිස් විශේෂ කාර්යය බළකාය මගින්  වැලිගම මෝදර පෙදෙසේදි    සැකකරු  සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. 

අනාවරණය වන තොරතුරු අනුව  දැනට සැඟවී සිටින අංගොඩ ලොක්කා ගේ  සමීපතමයකු  වන සැකකරු ඔහුගේ     ඉල්ලිම මත   අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දා ඉලක්ක කරගෙන  පසුගිය ( 24 ) දින  මිරිස්ස පෙදෙසට පැමිණි බවත්  පැමිණි යතුරු පැදිකරුට  යතුරු පැදිය පැදවීමට හසළ දැනුමක් නොමැති විම නිසා එම අදහස  ඉවත දමා නැවත ගිය බවත් එහිදී මිදිගම නගරයේදී වෙතත් මෝටර් රථයක ගෙනා ඇඳුම් මාරු කරගෙන ගිනි අවියද හරක්කටා නැමැති අයට භාරදී ගිය බව පැවසේ .

සැකකරු  වැලිගම එළුවාවල පෙදෙසේ කාන්තාවක් විවාහ වී සිටි බවත් දැනට  එහි සම්බන්ධයක් නොමැති බවද  සැකකරු වසර කිහිපයකට ඉහතදී යුධහමුදා  විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කර තිබු බව පැවසේ.
 



අදහස් (0)

මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site