(අජන්ත කුමාර අගලකඩ)
දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.
කලින් සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් බාර ගෙන නැතැයිද දැනගන්නට තිබේ.
මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.
පළාත් ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් මාර්ෂල් පෙරේරා මහතා නොමැතිව අට දෙනෙකු ඉවත් කර අලුතින් ආණ්ඩුකාරවරු අට දෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් දකුණු පළාතට මාර්ෂල් දාලද?