IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාරපන ඇතුළු පිරිස එ.ජා. නිලධාරීන් හමුවෙන්නත් යති

( තිළිණි ද සිල්වා)
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වැනි සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගිය  විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් මිෂෙල් බැචලේ සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හමුවූ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

එහිදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ ප‍්‍රසාදය පළ කළ බව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේය. 

විශේෂයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක‍්‍රියාවට නැංවීම පිළිබඳව ඇය මෙහිදී අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා ශ‍්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමටද එකඟ වී ඇත.

එම කාර්යයේදී ශ‍්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවද එහිදී මහ කොමසාරිස්වරිය අමාත්‍යවරයා හමුවේ පවසා ඇත.

මෙම හමුවට එක්වූ ජිනීවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් මයිකල් මොලර් ද , සංහිඳියාව සාමය ගොඩනැගීමට සහ සංවර්ධනය උදෙසා ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදෙන බව ප‍්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටී.



අදහස් (16)

මාරපන ඇතුළු පිරිස එ.ජා. නිලධාරීන් හමුවෙන්නත් යති

Nissanka Sunday, 24 March 2019 11:32 AM

මීට අවුරුදු හතරකට පෙර තිබුණාට වඩා සතුටුදායක තත්වයක්... ඩයස්පෝරාවේ බලාපොරොත්තු ඉටු නොවෙන අයුරින් කටයුතු කළ ඔබට ප්‍රණාමය...

:       25       161

BamunuarachchiMonday, 25 March 2019 07:18 AM

පත්තර කියවනවාද? මොන පත්තරද කියවන්නේ. ඔන්න අද ප්‍රසිද්ද පත්තරයක පළවූ ප්‍රවෘත්තිය. " ජිනීවා මානව හිමිකම් සමුළුව අවසන් වීමෙන් පසු කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක් තුළදී සුපිරි සාදයක් පවත්වා ඇත. " කොහොමද කෙරුවාව?

:       49       0

BamunuarachchiMonday, 25 March 2019 11:27 AM

නිස්සංක දැන්වත් ඔබේ දැනුම තක්සේරු කර ගන්න. මේ සිංහල අපගේ රටයි කියන්න නාන්දා මාලනීට පමණක් නොවෙයි අයිතිය තිබෙන්නේ. ඇයත් මාත් පන්නරය ලැබුවේ වාදීභසිංහ විරුදාවලිය ලත් දවමොට්ටාවේ අමරවංස හිමියන්ගෙන්ය. මේ රටට එවැනි භික්ෂුන් සිය ගණනින් අවැසි කාලයකි මේ.

:       0       0

Bamunuarachchi Sunday, 24 March 2019 01:16 PM

"අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500 ක්" මෙන්න අම්බරුවන් සිංහලයාට බදුගසා දෙමළුන්ට වන්දි ගෙවන්න යන හැටි.. පිටරට හැංගිලා ඉන්න දෙමළුන්ටම පාදඩ දේශපාලුවෝ වන්දි ගෙවන්න යනවා. කෝ ජෙප්පෝ අනුර කුමාරයා පුළුවන් නම් එ්කත් වන්දියක් ගනීවි. අනේ තව බෝම්බ කීපයක් පුපුරවනවා නම්. එක පැත්තකින් මුස්ලිම්කරණය අනික් පැත්තෙන් සිංහලයාගේ බදු සල්ලිවලින් සිංහලයාම මැරවූ දෙමළුන්ට වන්දි ගෙවනවා. සිංහලයාගේ අමනකම් නිසා දෙමලුත් හම්බයෝත් සිංහලයාගේ කරපිටින් වැජඹෙනවා. 62ට දැන් සනීපද?

:       175       29

Nissanka Sunday, 24 March 2019 05:33 PM

යුද්ධයෙන් මිය ගිය හෝ අතුරුදහන් වූවන්ගෙන් යැපුණු ඔවුන්ගේ දරුවන්ටත් අවි අතට ගෙන සටන් කරන්න කියලද මේ ගල් බමුණා කියන්නේ. ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නමුත් මේ මිනිසුන් අවි අතට ගැනීමට හේතු වූ කාරණා විමසා බලා ඒවාට විසඳුම් නොදුන්නොත් තවත් අවුරුදු විස්සකින් හෝ තිහකින් නැවත මේ රට කුරිරු යුද්ධයකට තල්ලු වී යා හැකි බව මේ අමන බමුණන්ට නොතේරීම කණගාටුවට කරුණකි.

:       0       174

BamunuarachchiSunday, 24 March 2019 11:34 PM

සිංහලයාට විරුද්දව අවි එසවූයේ දුටුගැමුණු රජුගේ කාලයේ සිටයි. දුටුගැමුණු රජතුමා වන්දි ගෙව්වේ නැත. මේ යුද්දය ඈත ඉතිහාසයේ සිට වරින්වර රටේ මතු උන එකක් මිස සිංහල ඉතිහාසයේ පළමුවරට කල යුද්දයක් නොවෙයි.

:       53       1

NissankaMonday, 25 March 2019 06:36 AM

නැත. මහාවංශයේ දැක්වෙන පරිදි ඊට පෙර ක්‍රි.පු. 237 දී සේන හා ගුත්තික විසින් සුරතිස්ස රජු මරා ඒ වන විටත් උතුරු ප්‍රදේශ වල ජිවත්ව සිටි දෙමළ ජනතාවගේ උදව් ඇතිව අවුරුදු විසි දෙකක් රජකම් කරන ලදී. මුටසිව රජුගේ පුත් අසේල විසින් සේන ගුත්තික පලවා හරින ලද නමුත් ඉන් වසර දහයකට පසු එළාර විසින් අසේල රජු පරදවා අනුරාධපුර රාජධානිය අත්පත් කර ගත්තේය. දැහැමි රජෙක් බව පැවසෙන එළාර දෙමළ ජනතාවගේ මෙන්ම සිංහල ජනතාවගේද සිත් දිනාගනිමින් වසර හතලිස් හතරක් රජකම් කරන ලදී. දුටු ගැමුණු රජු විසින් එළාර මරා නැවත අනුරාධපුරය අත්පත් කරගෙන එළාර සිහිවීම පිණිස සොහොනක්ද ඉදිකරන ලදී. එම සොහොන අසලින් ගමන් කරන්නන් සොහොනට ගරු බුහුමන් දැක්විය යුතු බවට නියෝගයක්ද පනවන ලදී.

:       0       121

BamunuarachchiMonday, 25 March 2019 12:25 AM

දෙමල්ලු මේ රටේ ඉතිහාසයේ සිටම රටෙන් කෑල්ලක් ගන්න යුද්ධ කලාමිස ෆෙඩරල් ඉල්ලීම ඉවතලා සිංහලයා සමග සාමයෙන් ජීවත්වීමට මේ වනතුරු උත්සාහ කලේ නැත. එය ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ගත් තීරණයකි. පුදුමය නම් මේ නිවට සිංහලයින් රටේ මහා ජාතිය වුවත්... දෙමලාට වන්දිත් ගෙවා අනාගත යුද්ධයකට බයේ රටින් කෑල්ලකුත් දීමට සූදානම්ව සිටීමයි. යුද්ධය කාලේ රිංගපු ගමන් තාමත් ඉන්නේ ඇඳන් යටයි. මෙවන් නිවට සිංහලයින් නිසා පාවා දෙන්න වෙන්නේ අනාගත සිංහල දරුවන්ගේ රටයි. කලින්ම මේ පොළවට පොහොර විය යුත්තේ මෙවන් නිවට සිංහලයින්ය. මේවාට වගකිව යුත්තේ මොවුන් අධ්‍යාපනය ලැබූ පාසල්ය. අපිට අධ්‍යාපනය දුන් ජාති හිතෛෂී හාමුදුරුවරු අපට ඉතිහාස පොත් කියා දෙද්දී අපේ ජාතිමාමක හැඟීම් උද්දීපනය කළා. දැන් ඉන්න නිවටයෝ පාලකයෝ දෙමලාගේ ඡන්දය ලබාගැනීමට ජාතිය නොවෙයි... අම්ම තාත්තා වුනත් පාවා දේවි.

:       107       1

P. RamanathanMonday, 25 March 2019 07:47 AM

ස්වදේශික දෙමළ ජනතාව වසර හයදහසක් තිස්සේ ජිවත් වුනු රට තමයි උතුරු ඉන්දියාවෙන් පැමිණි විජය ඇතුළු ආර්යයන් අල්ලා ගත්තේ. බමුණුආරච්චි කියනවානම් මුල් පදිංචි කරුවන්ට තමා රට අයිති කියලා එහෙනම් දෙමල ජනතාවට තමා අයිති වෙන්න ඕන. අපිට වෙනම රටක් එපා. මේ රටේ අභිමානවත් පුරවැසියන් විදිහට අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ජිවත් වෙන්න විතරයි ඕන.

:       0       29

BamunuarachchiMonday, 25 March 2019 12:40 AM

"තවත් අවුරුදු විස්සකින් හෝ තිහකින් නැවත මේ රට කුරිරු යුද්ධයකට තල්ලු වී යා හැකි බව මේ අමන බමුණන්ට නොතේරීම කණගාටුවට කරුණකි." මේ යුද්ධය දෙමල්ලු සමග ඇතිකර ගත් පළමු යුද්ධය නොවන බවත් අවසාන යුද්ධය නොවන බවත් මේ ගොබ්බයින්ට නොතේරීම බමුණාටද කණගාටුවට කරුණකි. මේ යුද්ධය නවතින්නේ දෙමළා මුළුරටම අල්ලාගත් පසුබව මේ මුග්ධ, නිවට, සිංහලයා කියා ගන්න අමනයා නොදැනීම ගැන පුදුම නොවන්නේ මොවුන් ඩයස්පෝරාව සමග වාදවලට නොපැටලීම නිසයි. ඩයස්පෝරාවේ ප්‍රබල කොටි සාමාජිකයෙක් සමග විවාහ වී සිටින සිංහල ගැහැනියක් වරක් කීවා "පළමුව ඊළාම් දෙවනුව එල්ලාම්". මේ කීවේ මොකක්ද කියා මේ සිංහල අමනයෝ තේරුම් ගන්නවා නම් හොඳයි...

:       102       0

Sanath KandyMonday, 25 March 2019 06:52 AM

නැත. අපිට තවත් යුද්ධයක් අවශ්‍ය නැත. නැවත යුද්ධයක් ඇති නොවිමටනම් කළ යුතු එක දෙයක් ඇත. එයනම් මේ උතුම් පින්බිම වාසභූමිය කරගත් සිංහල, දෙමළ, මුස්ලිම් සැවොම එක් වී ශ්‍රී ලාංකිකයන් බවට ස්වීකරණය වීමයි.

:       0       112

BamunuarachchiMonday, 25 March 2019 09:04 AM

දෙමළාගෙන් රට ජාතිය බේරා ගන්න උවමනානම් තව යුද්ද 100 කලත් කම් නැත. අපිට උවමනා කරන්නේ ජාතික හැඟීම් දරුවන්ට දීමය. එය පාසලේදී ගෙදරදී දරුවන්ට ලැබිය යුතුය. අපිට ඒ ජාතික හැඟීම් දුන්නාට අපේ ගුරුවරුන්ට ගුරු හාමුදුරුවරුන්ට මම පින්දෙමි. මේ රට සිංහලයාගේ රට.

:       0       0

BamunuarachchiMonday, 25 March 2019 11:21 AM

ඔවැනි මෝඩ අදහස් පල කොරන්න එපා.

:       0       0

Bamunuarachchi Monday, 25 March 2019 07:42 AM

"මහාවංශයේ දැක්වෙන පරිදි ඊට පෙර ක්‍රි.පු. 237 දී සේන හා ගුත්තික විසින් සුරතිස්ස රජු මරා ඒ වන විටත් උතුරු ප්‍රදේශ වල ජිවත්ව සිටි දෙමළ ජනතාවගේ උදව් ඇතිව අවුරුදු විසි දෙකක් රජකම් කරන ලදී. මුටසිව රජුගේ පුත් අසේල " මහාවංසය දානවා බල්ලට. මහාවංසයේ එන විදිහට සින්හලයා පවත එන්නේ විජයන්ගෙන් ද සිංහ සීවලී ගෙන්ද. කොන්ගෝ වනාන්තරයේ වත් සතෙකුට දාව මිනිසෙක් තවත් මිනිසෙකු වැදුවාද? විචාර බුද්ධියෙන් තොරව කවුරු හෝ මොන හේතුවක් නිසා ලීව දේවල් පිළිගන්න තරම් මොවුන් අමනයෝද? විජය සිංහලයෙක්ද? විජයන්ගෙන් අපි පැවත එනවානම් අපි සිංහල උනේ කොහොමද? ඉන්දියාවේ මොන ප්‍රාන්තයේද සිංහල කතා කොරන්නේ? මුටසීවලා කතා කලේ මොන භාෂාවද? ඉතිහාසයේ වරින් වර රටවල් තවත් රටවල් අල්ල ගත්තා. ලංකාවටත් එහෙම උනා ප්‍රබාකරන් අවුරුදු 25 උතුර අලාගෙන සිටියා. අවුරුදු ගණනාවක් ස්පන්ඥය හා යාපන්නු පිලිපීනය අල්ලාගෙන සිටියා එනිසයි පිලිපීන ජාතිකයින් සුදු ජාතියක් උනේ නැතිනම් ඔවුනුත් අපි වගේම දුඹුරු වරණ ජාතියක්. තව විස්තර ලියන්නම් මෙය පලවුනොත්.

:       53       0

Bamunuarachchi Monday, 25 March 2019 08:57 AM

මහාවංසය ලියු කවුරු හෝ වේවා බුද්දාගම ලංකාවට දායාදකලේ ඉන්දියාව නිසා ඉන්දියාවට භක්තියෙන් මුල් තැන දීමෙන් අපේ ඉතිහාසය ලීවා. ලෝකයේ ආරම්බය දෙවියන් ලෝකය මැව්වා කියා කියන්නාක් මෙන් සිංහලයාගේ ආරන්ම්භය සිංහයෙකුගේ උනාය කියා මහාවංසය කියනවා. මට පෙනෙන හැටියට මේ වා සියල්ලම පට්ටපල් බොරුය. සිංහල මිනිසුන්ගේ පැවැත්ම කරලියට ආවේ, මහා වංසය කියන ආකාරයට විජයගේ පැමිණීමෙන්. නමුත් ඊට කලින් සිංහල කියන ජාතිය මෙරටේ නොසිටියේද? ඇමරිකාව සොයා ගත්තේ එරික්සන් හෝ කොලොම්බස් වේවා ඊට කලින් ඇමරිකාව නොතිබුණේද? ඇමරිකාවේ ඉංග්‍රීසි කතා කලේ යුරෝපයෙන් ඉංග්‍රීසි ඇමරිකාවට ගිය නියාස. ලංකාවේ සිංහල කතාකොරන්නේ කව්රු ලංකාවට සිංහල කව්රු කොහෙන් ගෙන ආ නිසාද?

:       0       0

Bamunuarachchi Monday, 25 March 2019 02:37 PM

"මේ රටේ අභිමානවත් පුරවැසියන් විදිහට අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ජිවත් වෙන්න විතරයි ඕන." එය සත්තකින්ම ලැබිය යුතු දෙයක් මම පුද්ගලිකව අත් දෙකම උස්සා අනුමත කරනවා. අපි ඔබලාගේ සංස්කෘතිය පිලිගන්නවා ඒ සංස්කෘතිය සිංහල සංස්කෘතිය හා බොහොම සමගාමීව යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 326 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site