IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මාර්තු-අප්‍රේල්-මැයි මාසවලට පෙබරවාරි මාසයේ විදුලි බිලම

(ඩයනා උදයංගනී)

විදුලි පාරිභෝගිකයින්ගෙන් මාර්තු, අප්‍රෙල්, මැයි මාස සඳහා ද පෙබරවාරි මාසයේ විදුලි බිලෙහි ඇති ගාස්තුව හා සමාන ගාස්තුවක් අයකරගැනීමට අද (15) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ලැබුණු මාර්තු, අප්‍රෙල්, මැයි මාසයන්හි ලැබුණු විදුලිබිල වෙනුවට පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම ගෙවිය හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම මුදල ගෙවීමට මාස 02 ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

ඇමති  මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ බත්තරමු‍ල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (9)

මාර්තු-අප්‍රේල්-මැයි මාසවලට පෙබරවාරි මාසයේ විදුලි බිලම

eresh S kumara Wednesday, 15 July 2020 10:29 AM

මේකද අපි බලාපොරොත්තු වෙච්ච සහනය...?

:       50       352

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 11:03 AM

ඇමතිතුමාට හා මේ සාධාරණ තීරණය ගත් අමාත්‍ය මණ්ඩලයට ජනතාව වෙනුවෙන් හා විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අපගේ ස්තුතිය... මින් ඉදිරියට හෝ විදුලි බල මණ්ඩලයට මෙවැනි හිතුවක්කාර විදිහට බිල් සකසන්න ඉඩ නොදෙන්න. ඔවුන් එසේ කිරීමෙන්, පවතින රජයට, ඇමතිවරුන්ට ජනතාවගේ අප්‍රසාදය ලැබෙනු ඇත. මේ විදුලිබල මණ්ඩලයට සූර්යයාව අයිති කොට දුන්නොත්, හිරු එළියටත් දවස පුරා හොඳ ලොකු බිලක් හදාවි. විදුලි බල මණ්ඩලයේ කටයුතු එසේය. වෙලාවට තමයි සූර්යයා ඔවුන්ට අයිතිකර ගැනීමට බැරිව තිබෙන්නේ.. තිබුණා නම් එහෙම වැඩේ නියමෙටම දෙයි.

:       516       617

GalaparaWednesday, 15 July 2020 11:35 AM

මොන ස්තුතියද? මහින්දානන්ද ඇමැති කිව්වේ මාර්තු, අප්‍රේල්, මැයි බිල සත 5ක් වත් ගෙවන්න ඕනේ නැහැ කියලා. දැන් මොකද මේ පෙබරවාරි බිලම ගෙවන්න කියන්නේ...? මේ විකාර අහලා දැන් රටේම මහජනතාව හොඳටම හෙම්බත්වෙලා ඉන්නේ... අපි ඡන්දෙදි දෙන්නම්කෝ උත්තර ඕවාට..

:       305       260

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 15 July 2020 01:22 PM

ගල්පාර මයා, ඔබතුමාගේ දේශපාලන අදහස මෙහි දක්වා, මාගේ නිදහස් අදහස් ඔබතුමා විසින් විකෘති කොට ඇත. ඔබ ඔබගේ අදහස වෙනමම දක්වූවා නම් ඉතා අගනේය. මන්දයත්... අප අදහස් දක්වන්නේ දේශපාලනයෙන් තොරව මැදිහත් සිතින් බැවිනි. එබැවින්, ඔබගේ අදහස් අප අනුමත නොකරන්නේ අප කිසිඳු පක්ෂයකට බරව අදහස් දක්වා නොමැති බැවිනි. ස්තූතියි...

:       12       305

BamunuarachchiFriday, 17 July 2020 12:50 PM

විදුලිය පාවිච්චි කළා නම් ගෙවන්න මැලි වෙන්නේ ඇයි...? හැමදේම පිනට ලබාගන්නයි කල්පනාව. අනිකාගේ වියදමින් ජීවත් වෙන්න බලන මෙහෙම පුරවැසියෝ ඉන්න රටක නැවත උපදින්න එපා...

:       0       0

Baby Wednesday, 15 July 2020 11:07 AM

පෙබරවාරි මාසෙ බිල වැඩි අය මාර්තු, අප්‍රේල්, මැයි වලට වැඩි බිල් ගෙවන්න ඕනෑද?

:       6       351

fairoos Wednesday, 15 July 2020 01:02 PM

ඡන්දෙ ළඟ හින්දා මේ සහනය...

:       0       82

පාරිභෝගිකයා Wednesday, 15 July 2020 01:04 PM

මම නම් මේ වනවිට ජුනි මාසයට අදාල බිලත් ගෙවලයි තියෙන්නේ. මෙම කියන ක්‍රමයට බිල් ගෙව්වාම විදුලි මීටරයේ ඒකක ගණන අනුව අයකරන්නේ කෙසේද? මගේ බිල්පතේ නම් මැයි මාසය සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 480ක් කරල තිබුණා මෙය මගේ සාමාන්‍යය ගණන මෙන් 16 ගුණයක වැඩිවීමක්.. පසුගිය වසරේ ජුනි මාසයේ ඒකක ගණනට අයකළා වගේ දෙගුණයක් මේ වසරේ ජුනි මාසයේ අයකරලා තිබුණා. තවත් තැනක මට වඩා ඒකක ගණනක් වැඩි නිවසකට මට වඩා අඩු මුදලක් සටහන්කර තිබුනා මේ ගැන විදුලිබල ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමේදී මගේ ගණන නිවැරදියි කියපු ලිපිකාරිණිය අනුන්ගේ බිල් ගැන කථානොකර බිල ගෙවන්න කිව්වා.

:       1       33

rihan Thursday, 16 July 2020 04:10 AM

මාස තුනේ ඉතිරි එකට ජුනිවලට එකතු කරලා තරු පේන බිලක් ලැබේවි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site