(ඩයනා උදයංගනී)
හදවත් රෝගී මෙරට දරුවන්ට ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී (අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය) නොමිලයේ සැත්කම් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
දරුවන්ගේ හෘද සැත්කම් කිරීම සම්බන්ධයෙන් පවතින තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට සෑම වසරකම හෘද රෝග සහිත දරුවන් 3,000ක් පමණ උපත ලබන බවත්, ඔවුන්ගෙන් 1,5000ත්, 2,000ත් අතර පිරිසකට ශල්‍යකර්ම කිරීමට සිදුවුවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් පවතින්නේ වසරකට සැත්කම් 900 කට පමණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට ක්‍රියාත්මක ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘතිය යටතේ නව ශල්‍යාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිවන තෙක් ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී අදාළ සැත්කම් සිදුකරදීමට පියවර ගැනෙන බව රමේෂ් පතිරණ මහතා කීවේය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය, ආර්.අයි.ඩී 3220 බටහිර කොළඹ රොටරි සමාජය එක්ව රොටරි ආධාර යටතේ වසර දෙකක කාලයක් සඳහා මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇතැයි ඇමතිවරයා පැවසීය.
ඒ අනුව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉන්දියාවේ දිස්ත්‍රික් 3201 ජාත්‍යන්තර රොටරි සමාජය හා ආර්.අයි.ඩී 3220 බටහිර කොළඹ රොටරි සමාජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව හෙතෙම ප්‍රකාශ කළේය.
COMMENTS
යුරෝපයේ නොමිලේ කොන්ඩේ කපනවා හැබැයි පුරුදුවෙන බාබර්ලා අතින් පමණයි. ඒ නිසා සැත්කම කරන දොස්තරලාගේ අවම සුදුසුකම් මේ අවබෝධතා ගිවිසුමේ ඇතුලත් වෙනවාද?
සර්, එතකොට ඒ ළමයින්ගේ දෙමව්පියන් ඊළඟ ඡන්දෙදී ඔයගොල්ලන්ට ඡන්දෙ දෙයි කියල හිතනවද? ඇයි හදවත් සැත්කම් මෙච්චර කල් කරේ.. ආණ්ඩුවෙන් සල්ලි ගෙවලා කරන්නේ ඉන්දියාවේද? දැන් මේ රටේ හදවත් බද්ධ කිරීම් පවා කරනවා කියල ඔබතුමා දන්නේ නැද්ද? ඇමතිතුමා ! නිකං බයිලා කියන්න එපා...
හොඳ වැඩක්. හැබැයි පරිස්සමින්
දේසපාලුවෝ කවදත් කෙරුවේ ජනතාව අන්දවපු එක. මේකත් එහෙම වැඩක් වෙන්ඩ බැරි නැහැ.
තවම ගිවිසුම් අත්සන් කරලත් නැහැනේ
නිකන් කතා විතරයි වැඩ නැහැ. පුස් ආණ්ඩුව...