IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෙරට භූමිගත දත්ත - තොරතුරු ඇතුළත් ජාතික මට්ටමේ තොරතුරු පද්ධතියක්

 

(තිළිණි ද සිල්වා)

ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවා පහසුකම් ලබා ගැනීමට ජනතාවට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව , ආපදා කළමණාකරන මධ්‍යස්ථානය , ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,මාර්ග සංවර්ධන අධිකාරිය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , නාගරික සංවර්ධන අධිකාරිය ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතන 25ක පමණ දත්ත මෙම පද්ධතියට ඇතුළත් කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අයි.සී.ටී.ඒ කටයුතු කර ඇත.

මෙම පද්ධතිය සඳහා www.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැක.

මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය විවිධ සිතියම් ස්ථර එකිනෙකට එක්වී සෑදුනු අන්තර්ජාලීය සිතියම් පද්ධතියක් වන අතර එමගින් එය භාවිතා කරන්නන්ට සිතියම් නැරඹීම, සකස් කළ දත්ත ලබා ගැනීම සහ භූමිගත තොරතුරු ලබා ගැනිමේ හැකියාව ඇත.

එමෙන්ම නිරන්තරයෙන් යාවත්කාලීන වූ නිවැරදි භූගෝලීය තොරතුරු ලබා ගැනීම මෙන්ම ආයතන කිහිපයක් අතර පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීමේ දැනට පැවති දුෂ්කරතා මෙමගින් මග හැරී යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

 



අදහස් (0)

මෙරට භූමිගත දත්ත - තොරතුරු ඇතුළත් ජාතික මට්ටමේ තොරතුරු පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site