IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි

(ජේ. කේ. එල්.චාමින්ද, රවි ලියනගේ, සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී සුගතපාල)

කොවිඩ්  නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතාවයක් වන කළු දිලීර ආසාදනය හේතුවෙන් මෙරට සිදු වූ පළමු මරණය ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇත.

කොවිඩ් නිව්මෝනියාව වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා මෙම රෝගියා මිය ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා පැවසීය.

මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත එදිනම යොමු කළ බවත්,පෙරේදා (21) ලැබුණු පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ පෙනහළු ආශ්‍රිතව කළු දිලීර ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

එසේ මියගිය පුද්ගලයා ඇල්පිටිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 56 හැවිරිදි අයෙකි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ත්‍රිමාලි ජයසේකර මහත්මිය මෙම පරික්ෂණය සිදු කර ඇතැයි ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලිර සංකූලතා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් මෙරට පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය මෙය බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියඅරකි මහත්මිය විසින් සිදු කළාය. 



අදහස් (0)

මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site