IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙරට දරුවන් ප්‍රයෝජනයට ගන්නේ තම හැකියාවන්ගෙන් සියයට 58 යි

(ඩයනා උදයංගනී)

මෙරට දරුවන් තමන් සතු සියයට සියයක හැකියාවන්ගෙන් ප‍්‍රයෝජනයට ගන්නේ සියයට 58ක ප‍්‍රමාණයක් පමණක් බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ යැයි  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙන් සහ මානව දර්ශකයෙන් ඉදිරියෙන්ම සිටින්නේ දකුණු පළාත බව මීට දින තුනකට පෙර ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාතේ මුදල් ඇතත් දැනුම හා සෞඛ්‍ය සම්පන්න භාවය නොමැති බව කී ඇමතිවරයා  ඒ අනුව දකුණු පළාතේ අයට ආඩම්බර විය හැකි බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශය මගින් තලවතුගොඩ දියසරු උයනේ දී අද (01) පැවැත්වූ ලෝක ළමා දින පරිසර චාරිකාව සහ පරිසර වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දැනුම හා සෞඛ්‍ය මට්ටම අනුව මෙන්ම සෑම අතින්ම මෙරට පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් ඉදිරියෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙරට දරුවන්ගේ මානව ප‍්‍රාග්ධනය දර්ශකය එනම් සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයෙන් සියයක 58 ක් පමණක් ප‍්‍රයෝජනයට ගනිද්දී සිංගප්පූරුවේ දරුවන් සිය හැකියාවන් සියයට 88ක් භාවිතා කරන බව එහි දැක්වෙන්නේ යැයි ද ඇමතිවරයා කීවේය.

රටක් ලෙස ඉදිරියට යාමට නම් ඉදිරියේදී එය සියයට 75ක් දක්වාවත් වැඩි කරගත යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙරට දරුවන්ගෙන් සියයට 13 ක් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී සියයට 25 ක් අධි පෝෂණයෙන් පෙලීම භයානක තත්වයක් බව කී ඇමතිවරයා රටට විධිමත් පෝෂණ කි‍්‍රයාවලියක් අවශ්‍ය බව ද කියා සිටියේය.

 

 

 

 



අදහස් (3)

මෙරට දරුවන් ප්‍රයෝජනයට ගන්නේ තම හැකියාවන්ගෙන් සියයට 58 යි

kasun Tuesday, 01 October 2019 06:34 PM

මෙරට දේශපාලකයින් ප්‍රයෝජනයට ගන්නේ තම හැකියාවන්ගෙන් සියයට 0 යි.

:       0       0

chandima Wednesday, 02 October 2019 12:39 AM

එකෙත් හැටි කියන්නේ පිට රටින් කියනකල් මේ 225 දෙනා දැනගෙන ඉඳල නැහැනේ?

:       0       0

නිමල් Wednesday, 02 October 2019 01:04 AM

ඇමති තුමා අදහස් කර ඇත්තේ අප දරුවන් තම මස්තිස්කයේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය නොගන්නා බවයි. පසුගිය වසර 500 කාලය තුල ලොව අන් රටවල බුද්ධිමතුන් මානව මස්තිස්කයේ සඛ්‍යතාව උපරිම අයුරින් උපයෝගීයෙන් අද ලබා ඇති ප්‍රගතිය විශ්මය ජනකයි. එහෙත් අප දරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ නව අදහස් හා නව නිපැයුම් දිරිගන්වන හා අගයකරන වාතාවරනයක් නැති වීම ශෝක ජනකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site