IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමඟ උපකරණ රැසක් සොයාගනී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටී.එල්. ජව්ෆර්ඛාන්)
 
කල්මුණ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ඉකුත් 26 වැනිදා  මරාගෙන මැරුණු ත‍්‍රස්ත‍්‍රවාදියකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳගේ නිවසේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළඳින ජැකට්ටුවක්  අද(2) සොයා ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.
 
එම කාන්තාව පදිංචි කාත්තන්කුඩි  පහ, ආරියම්පති නැගෙනහිර කොටසේ, අයිරම් මාවත ප‍්‍රදේශයේ නිවස සෝදිසියට ලක් කළ අවස්ථාවේ මෙම ජැකට්ටුව හමුවී ඇත.

මීට අමතරව ජංගම දුරකථන 4ක්, බැංතු ගිණුම් පොත් සහ හැදුනුම්පත් කිහිපක්ද තිබී සොයාගෙන ඇත.
 
එම ජැකට්ටුවේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බව ද පොලිසිය සඳහන් කරයි. 
 
මෙම නිවසේ සිටි රිල්වාන්ගේ මාමණ්ඩිය හා නැන්දණිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.
 
 සැකකරුවන් දෙදෙනා හා බෝම්බ ඇදුම් කට්ටලය වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.

(ඡායාරූප - ටී.එල්. ජව්ෆර්ඛාන්)

 



අදහස් (0)

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමඟ උපකරණ රැසක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site