IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිය ගිය ගුරුවරයාට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්ෂ)

තලවකැලේ ලිදුල මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි කෝවිලක වසර 200 පමණ ඉපැරණි නුග ගසක අතු අනාරක්ෂිත ලෙස කැපිමේදි කැපු අත්තක් කඩා වැටිමෙන් මිය ගිය තලවකැලේ දමිල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු වශයෙන් සේවය කළ වේලුසාමි මහේෂ්වරන්ට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් වතු කම්කරුවෝ‍ෙ අද (28) කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලොගි වත්තට පිවිසෙන මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල පොදු කෝවිලක් බවත්,එම කෝවිල දැනට තනි පුද්ගලයෙකු විසින් පාලනය කිරිම හේතුවෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර නුග ගසේ අතු කැපිම නිසා ජිවිතයක් අහිමි වු බව උද්ඝෝසකයෝ චෝදනා කරති.

එම කොවිල අසල පිහිටි නිවසකටද නුග ගසේ අතු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම නිවාස හිමියන්ගේ ඉල්ලිමක් මත ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයාගේ නිර්දේශය මත ගසේ අවදානම් සහිත අතු කපා දමන ලෙස ආපදා කලමණාකරණ ඒකකය විසින් දැව සංස්ථාව වෙත කල දැනුම් දිමක් මත එම ගසෙහි අතු කිහිපයක් කොන්ත්‍රාත්කරුවෙකු විසින් කපමින් සිටින අවස්ථාවේදී තලවකැලේ සිට තම නිවස දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ගුරුවරයාගේ හිස මතට ගසේ අත්තක් කඩා වැටිමෙන් ඔහු ජිවිතක්ෂයට පත් විය.

අනාරක්ෂිත ලෙස නුග ගසේ අතු කපා දැමිම සම්බන්ධයෙන් ගස කපමින් සිටි තිදෙනෙකු සහ ඒ අසල පිහිටි නිවසක කාන්තාවන් තිදෙනෙකු ලිදුල පොලිසිය විසින් (21) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.



අදහස් (0)

මිය ගිය ගුරුවරයාට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site