(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරයට වසර 2 සපිරෙන මෙම මස 21 වැනි දින දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස සමරමින් දිවයින පුරා දේවස්ථාන රැසක විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙම ආරක්ෂාව ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විශේෂ ආරක්ෂාව එක් දිනකට පමණක් සීමා කරන්න එපා. අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය හෝ අනුග්‍රහය ලබා නොදී සිටීමෙන් පමණක් වුවත් මෙවන් ක්‍රියා නැවත සිදුවීම වළක්වා ගත හැකියි.
රටක ආරක්ෂාව කියන්නේ ඉතා වැදගත් දෙයක්.ඒ නිසා මේ ගත් පියවර ගැන ස්තූතියි.ගෝඨාභය කියන්නේ කොටි යුද්ධය පරාජය කළ ආරක්ෂක ලේකම්.එතුමාගේ සමහර දේ අප විවේචනය කළත්,එතුමා කළ සේවය කවුරු කොහොම අප ගැන සිතුවත්,අප ඒ සේවය අගය කළ යුතුයි.එයින් අදහස් කරන්නේ රාජයට කඩේ යෑමක් එහෙම නෙමෙයි.කොහොමත් එතුමාව,ග්‍රාමසේවක මහතාගේ ආරක්ෂක නුවණ ගානට දැමීමට බැහැ.රටේ ආරක්ෂාව ගැන යම් අදහසක් දෙන්නට කැමතියි.වෙච්ච දේවල් වල හැටියට දර්ගානගරය,බේරුවල,අටළුගම,කළුතර වෙට්ටුමකඩ,ගාල්ල දෙවට හා වැලිගම ආදී රටේ බොහෝ ස්ථාන වලට දෙමළ භාෂාව දත් රහස් පොලිස් නිලධාරීන් සැමදා යොදවා තැබීමෙන් හොඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවේවි.බොහෝවිට,සාමාන්‍ය පොලීසිය කරන්නේ,ඉහළ නිලධාරීන්ගෙන් බේරෙන්න කාවහෝ ගෙනත් කූඩුවට දාන එකයි.
අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නෑ . කිසිම දෙයක් වෙන්නේ නෑ . ඕක වෙන්න ඇරලා බලාගෙන හිටියා ඒ කට්ටිය
මොන විහිළුවක් ද මේ රජය කරන්නේ. හිතනවාද හැම අප්‍රේල් 21 වැනිදාම බෝම්බ ගහයි කියලා.. මෝඩ වැඩ.. දවසකට විතරක් ආරක්ෂාවක් මොකටද?
එදා ප්‍රහාරයක් වෙනවා කියලා දැනුවත් වෙලා තිබිලාත් කිසිම ආරක්ෂාවක් කළේ නෑ. දැන් බයිලා ගහන්න එපා...