(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා කිසිවකුගේ බලපෑම්වලට යටවීමට සූදානම් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවැසීය .
ඔහු මෙසේ පැවසුවේ තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් බලපෑම් එල්ල වන්නේ ඇමරිකාවෙන්ද නැතිනම් ඇමරිකාව සමග ගනුදෙනු කරන වෙනත් පුරවැසියෙකුගෙන් දැයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ එහිදී ඇති වූ සංවාදය යි.
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:
"තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් කෝටි හැට දහසක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යනවා. ඇමෙරිකානු තානාපතිනිය මේ පිරිපහදුව ඉල්ලා බලපෑම් කරනවා.ඇමරිකාවෙන් අද ඔබතුමාට බලපෑම් වැඩියි.මේ බලපෑම් කරන්නේ ඇමරිකාවද එහෙමත් නැතිනම් ඇමරිකාව සමග සම්බන්ධතා පවත්වන වෙනත් පුරවැසියන්ද.ඒ නිසා ඔබේ අමාත්‍යාංශයට සහ දේශපාලනයට යම් ගැටලුවක් තිබෙනවාද ? උගත් බුද්ධිමත් ඇමතිවරයෙක් විදියට ඒ බලපෑම්වලට යටවී මේ ටෙන්ඩරය ලබාදීමට සූදානම්ද.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා :
ගරු කතානායකතුමනි, මම මේ ඇමති ධුරයට පත්කර තිබෙන්නේ ගරු අගමැතිතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් . මට ඉහළින් ඉන්නේ එතුමන්ලා පමණයි. ඒ දෙදෙනා මගේ අමාත්‍යාංශයට කිසිම දවසක බලපෑමක් කරල නැහැ.උපදෙස් දීලා තියෙනවා .තොරතුරු විමසලා තියෙනවා .නමුත් කවදාකවත් බලපෑමක් කරල නෑ."
"තානාපතිවරු මාව හමුවෙලා කරපු සාකච්ඡා ගැන මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දුන්නා.ඒ තානාපතිවරුන් තමන්ගේ රටේදැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරද්දි කතා කරද්දි තමා මේ ටෙන්ඩරය ලංකාවට වාසිදායක කෙනාට ලබාදෙන බව දැනුම් දුන්නා. මම ලිඛිතවම දැනුම් දුන්නා .ඇමරිකානු තානාපතිනිය මට ලියුමක් එවපු බව ඇත්තයි.එතුමිය මා හමුවුණු බවත් ඇත්තයි. ඒ සාකච්ඡාවේදී සිදුවුණු දේවල් ගැන මම අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තියෙනවා.ඔබතුමාට මම එක සහතිකයක් දෙනවා .කිසිවකුගේ බලපෑම්වලට මම යට වෙන්නේ නැහැ.
විජේසිරි මහතා:
ඇමතිවරුන්ට විදේශ තානාපතිවරුන් ගෙන් බලපෑම් එල්ලවීම දිගින් දිගටම සිදුවෙමින් තිබෙන බව ඔබතුමා පිළිගැනීම ගැන මම සතුටු වෙනවා.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු යටකරලා හපකරලා දානවා.
ඔබතුමා බොහෝම බලවන්තයි. තේජවන්තයි. ඔබතුමා බයවෙන්න එපා. ඔබතුමාව යැව්වොත්, අපේ පරම්පරාවේ හපුයියෙක් ගෙන්න ගන්නවා.
ඔබ වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා සත්තයි...!!!
රට බිම දමා පාගන බව දන්නේය... පිටපිට ගුටි කතත් තව මර නින්දේ්ය... කට මැත කියන්නේ සක්වල පව්වේය... අපි කියන්නේ අං නැති මීමාය...
අනේ පව්නේද?
ඔබතුමාට ඉහළින් 02 නෙමෙයි එන්නේ 03... හොඳට බලන්න මොලයක් තියෙනවා නම්...