(අජන්ත කුමාර අගලකඩ)
‘මම මේ පුටුවේ ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.
එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.
එසේ වුවද උතුරු නැගෙනහිර එකතු කරනා බවට හා ෆෙඉරල් දෙන බවට සමහරුන් සපථ කර ඇතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.
මහින්ද රාජපක්ෂ මහතාත්, තමාත් අවබෝධයෙන් කටයුතු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඒ ගැන බියක් ඇතිකර නොගන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
මෙම හමුව ජනාධිපති මන්දිරයේදී අද (31) දහවල් පැවැත්විණි.
COMMENTS
ඔබතුමා දැන් කියන දේත්, කරන දේත් පසුගිය මහ මැතිවරණය තුලදී ගත්තා නම් රට අද මෙවන් අරාජික නොවන්න තිබුණා. පසුවෙලා හරි මෙවන් තීරණයක් ගැනීම ගැන ඔබට පිං....
ඒ විතරක් නෙවෙයි.., මෙයා ඉන්නකම් රටට අනාගතයකුත් නැහැ.
මට අහන්න ඕනේ ඔයටික විතරයි.. පණ වුනත් දෙන්නම්. රනිල් හැදුවේ 20 ගෙනැල්ලා ෆෙඩරල් දෙන්නයි. ප්‍රභාකරන්ට අවුරුදු 10කට රට දෙන්න ගිය මිනිහනේ... මෙයා පස්සෙ යන්නේ ගොබ්බ සිංහලයින් තමයි.
දේශපාලන කටුස්සන් ගැන කවර කතාද? ඉස්සර නම් මන්ත්‍රීවරු, ඇමතිවරු කටුස්සන් වගේ පාට මාරුකරනවා. නමුත් දැන් තමා අපි දැක්කේ ජනාධිපති කටුසු වෙස් අරන් කියලා. මේ කියනදේ නෙමේ ඊළඟ පාර කියන්නේ. සත පනහේ ලොසින්ජර කතා විතරමයි.
මට පොඩ්ඩක් තේරෙනවා වගේ... ඔබතුමා යුද්ධය අවසන් කලේ ඔබතුමයි කියල කියපු එකේ තේරුම... එම වීඩියෝ පටිය දුටු අවස්ථාවේ මෙතුමා මොනවද මේ කියන්නේ කියලා හිතුණා. ෆීල්ඩ් මාර්ෂල් කිව්වා අවසානයේ තිබුණේ කෝප්‍රල්ලට, සාජන්ලට කරන්න තරම් යුද්ධයක් විතරයි. කෝප්‍රල්ලා, සාජන්ලා වගේ හිතන අයට එම කතාව හොඳයි කියලා දැන් තේරෙනවා ඔබතුමා කිව්වේ මොකක්ද කියලා... යුද්ධය අවසන් කිරීමට සෑම පාර්ශවයකටම වුවමනාව තිබුණත්, අවසන් කිරීමෙන් පසු ඉදිරියේදී ඇතිවන තත්වය ගැන කල්පනා කර කටයුතු කිරීමට කාහටවත් නිර්භීතකමක් නොතිබූ බව හා බලලෝභී පාර්ශවයන් සමග කටයුතු කිරීමට කාහටවත් නිර්භීතකමක් නොතිබූ බව දැන් වැටහෙනවා. ඉදිරිය ගැන සිතනවාට වඩා යුද්ධ කර කර තමාගේ මඩිය තරකර ගන්නවා හොඳයි කියලා හිතපු නායකයෝද සිටියා වියහැක. එදා ශ්‍රී ලංකා නි. පක්ෂයේ ලේකම්තුමා හිටියට ඔබතුමා රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කාහටවත් නොපෙනෙන සේවයක් සිදුකර තිබෙන බව වැටහෙනවා. එදා රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපයට විරුද්ධව ජනාධිපතිවරණයට තරඟ කිරීමෙන් ඔබතුමාගේ එඩිතරබව මනාව පෙන්නුම් කරනවා. මට නැවත යුද්ධයක් එපා. මට දෙකඩවුන රටකුත් එපා. මට ව්‍යවස්ථාව තේරුම් ගන්න බැරි භාෂා දෙකතුනකුත් එපා.
දැන් නිකම් සංදර්ශන කතාදානවා. එක හොරෙක් අල්ලන්න දුන්නද? පින්සිද්ද වෙයි යන්න.
මෙයාට පිස්සු. මරු විකල්ලෙන් දඟලනවා.
මෙයා නම් සත පහකට විශ්වාස කරන්න බෑ. එදා මුලින්ම කිව්වා මහින්ද මහත්තයාට එදා යන්න හෙලිකොප්ටර් දුන්නේ එයා නෙමෙයි කියලා. ඒට පස්සෙ දවසක කිව්වා එයාම තමයි දුන්නේ කියලා. ඇයි අර ප්‍රතිපත්ති ප්‍රකාශනෙ කතාවත් එහෙමනේ. අනික ඔයාම නේද ඔය කටින් කිව්වේ මහින්ද හොරෙක් අරකයි, මේකයි කියලා. දැන් අපි විශ්වාස කරන්න ඕන එදා කියපු එකද අද කියපු එකද?
පසුගිය මැතිවරණ කාලයේදීත් ඉන්පසුව ජනාධිපති වශයෙනුත් කියපු දේවල් කීයක් නම් ක්‍රියාත්මක කළාද කියලා පෙන්වන්න පුළුවන්ද ජනාධිපතිතුමනි... ඉතින් මේ කතාවත් ඒ වගේ ප්‍රලාපයක් කියලා තමයි අපට කියන්න තියෙන්නේ... ඔබතුමා මේ සතිය තුළ කියපු කරපු දේවල් නිසා ඔබතුමාගේ ක්‍රියා කලාපය ගැන අසාමාන්‍ය මහජන අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවතින බව තවමත් තේරෙන්නේ නැද්ද? ජනමාධ්‍ය මර්ධනයෙන් හෝ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කාර්යාල වැටලීමෙන් හෝ මේ දියාරුවේගෙන යන හොඳනම හදා ගන්නට නම් පුළුවන් වෙන එකක් නැහැ මහත්තයෝ. දැන් පෙනෙන්නේ දේශපාලන පක්ෂපාතීත්වයක් හෝ බැඳීමක් නැති විශේෂයෙන් උගත් සහ තරුණ පිරිස් ඔබතුමාට වරුද්ධව ඒකරාශී වෙන්නට පටන් අරගෙන බවයි. කොල්ලුපිටිය රැස්වීමේ ඒවගේ පිරිස් බොහොමයක් හිටියා. බේබද්දෝ බජව්කාරයෝ දැක්කේ නැත්තේ ඒකයි. ඔය වටේට ඉඳගෙන පින්පඩි කන උපදේශක බකපණ්ඩිතයෝ මේ නස්පැත්තිය පෙන්වා දෙන්නේ නැද්ද?
මහින්ද රාජපක්ෂ එපා වෙලානේ 2015 දී එළියට ඇවිල්ලා මරණය ගැනත් කිව්වා. දැන් කරපු වැරැද්දට මොනවා හරි දොඩලා ජනතාව මුලා කරනවා.
මේ ප්‍රකාශයෙන් පැහැදිලිවෙන්නේ සම්බන්ධන් සහයෝගය දෙන්න බැහැ කියලා වගේ...
දේශපාලන පරිණත භාවයක් තියෙනවා කියලා කිව්වට මෙයාට රටක් පාලනය කරන්න මොලයක් නෑ. මෙයා දන්නේ අනුන්ගේ වැරදි කියකිය තමන් සුදනා වෙන්ට විතරයි. අනුන්ගේ පිනෙන් පහල වූ ජනාධිපති කෙනෙක්. හනුමා වගෙ ගින්දර නොතියා මිනිස්සු කුලප්පු නොකර කරන්න පුළුවන් කෙනෙකුට දීලා අයින් වෙන්න. රටට තවත් අන්දරේ කෙනෙක් නොවී. අපිට දේශපාලකයෝ අප්‍රසන්නයි. අපි ඉන්නේ රට. නමුත් ලංකාව ගැන දුකයි.
රටක පාලකයා විය යුත්තේ උගත්, අපක්ෂපාත සාධාරණ පුද්ගලයෙකු බව අපට අමතක වීමයි මේ ජල්බරියට හේතුව!
තිරුපති වඳින්න ගිහින් වුණුදේ මතකද? තමුන්ට කෝවිලේ දොරඇරුනේ නැහැ. උතුරේ ඉන්නේ ඒ දෙවියන් අදහන මිනිස්සු... මහින්දට මොකද වුනේ? තිරුපති ගියා නැවත රජවෙන්න.. පැරදිලා ගෙදර ගියා. දෙමළ ජාතියට කරපු දේවල්වලට මිනිස්සු රැවැට්ටුවට දෙවියෝ රැවටෙන්නේ නැහැ. දැන් පාන් කියාගන්නත් බැරිව ඇති..
ඔබතුමාට කෙලින් මේදේ කියන්න පුළුවන් වුනේ මහින්ද අගමැති කළ නිසයි. මහින්ද ඉන්නකන් ඒවා කරන්න ලැබෙන්නේ නැහැ කියලා ජනතාව දන්නවා...
ෆෙඩරල් දෙන්න හරි රටක් තියෙන්න එපැයි..නිකන් බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා. ජාත්‍යන්තරයට ණය ගන්නකොට පොරොන්දු වූ දේවල් එළිකරන්න නිකන් බොරු නොකර...
ලෝකේ අසාර්ථකම රාජ්‍ය පාලකයා.
මෙයා අායෙමත් ඒම නම් පවක්, ඇපත් නැතුව යන්න වෙන්නේ, කෙසේ වෙතත් පෙරාතුව මරා මෙයාට වැඩේ දෙනවා පොළොන්නරුවට වෙලා ඉන්න. අපි නොදන්නා මරා.
අැයි? අමතකද ? චන්ද්‍රිකා ගෙනාව ෆෙඩරල් පැකේජ් එකට අත ඉස්සුවා. යන්තම් ජවිපෙ පරිවාස කොන්දේසි දාල ඒක අයින් කර ගත්තා.
ඔබතුමා කියන දෙයක් දැන් විශ්වාස කරන්නේ කවුද?
පසුගිය මැතිවරණ කාලයේදීත් ඉන්පසුව ජනාධිපති වශයෙනුත් කියපු දේවල් කීයක් නම් ක්‍රියාත්මක කළාද කියලා පෙන්වන්න පුළුවන්ද ජනාධිපතිතුමනි... ඉතින් මේ කතාවත් ඒවගේ ප්‍රලාපයක් කියල තමයි අපට කියන්න තියෙන්නේ. ඔබතුමා මේ සතිය තුළ කියපු කරපු දේවල් නිසා ඔබතුමාගේ ක්‍රියා කලාපය ගැන අසාමාන්‍ය මහජන අප්‍රසාදයක් ගොඩනැගෙමින් පවතින බව තවමත් තේරෙන්නේ නැද්ද? ජනමාධ්‍ය මර්ධනයෙන් හෝ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කාර්යාල වැටලීමෙන් හෝ මේ දියාරුවේගෙන යන හොඳනම හදා ගන්නට නම් පුළුවන් වෙන එකක් නැහැ මහත්තයෝ. දැන් පෙනෙන්නේ දේශපාලන පක්ෂපාතීත්වයක් හෝ බැඳීමක් නැති විශේෂයෙන් උගත් සහ තරුණ පිරිස් ඔබතුමාට වරුද්ධව ඒකරාශි වෙන්නට පටන් අරගෙන බවයි. කොල්ලුපිටිය රැස්වීමේ ඒවගේ පිරිස් බොහොමයක් හිටියා. බේබද්දෝ බජව්කාරයින් දැක්කේ නැත්තේ ඒකයි. ඔය වටේට ඉඳගෙන පින් පඩි කන උපදේශක පණ්ඩිතයෝ මේ නස්පැත්තිය පෙන්වා දෙන්නේ නැද්ද?
අතිගරු ජනාධිපතිතුමනි, ඔබ ගත් එඩිතර තීරනයට මගේ හඳපත්ලෙන්ම ස්තූති කරමි.ඔබතුමාට දීර්ඝායුෂ පතමි.