මිනිස් ජාවාරම සදහා ධිවර බෝට්ටු යොදාගැනීම නැවත්වීමට නව නීති සම්පාදනය කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි.
මෙම ගැටළුකාරී තත්ත්වය ඉතාමත් බරපතල බැවින් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතීපතිවරයා ඇතුළු වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මිනිස් ජාවාරම සදහා ධීවර බෝට්ටු යොදාගැනීම හේතුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී සිටින ගැටළු පිළිබදව අද (13) පැවැති විශේෂ සාකච්ජාවදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් දැඩි දඩුවම් පැමිණවීමට මෙන්ම නව නීති හදුන්වා දී , නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙසත් ධිවර ජනතාවගේ අනාගතය මෙන්ම රට ගැන සිතා කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සදහා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් , ධීවර කාර්මිකයින් ඇතුළු 50 දෙනෙකු පමණ එක්ව සිටියහ.
මෙම මිනිස් ජාවාරම රටට මෙන්ම සමස්ථ ධිවර කර්මාන්තයට විශාල ගැටළු මතුකරන බවත් එය රටට විශාල අපකීර්තියක් ගෙන දෙන්නක් බවත් පැමිණ සිටි ධීවරයෝ අමාත්‍යවරයාට පැවසුහ.
බුද්ධි අංශ සහ ආරක්‍ෂක මුරකාවල් මග හැර මෙලෙස මිනිස් ජාවාරම බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි සැකකරන බව සඳහන් කළ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිස ඉල්ලා සිටියේ වහා රජය මැදිහත් වී මෙම ජාවාරම පාලනය කරන ලෙසයි.
එම ඉල්ලීම අනුව අමාත්‍යවරයා මේ සඳහා මැදිහත්වී කටයුතු කරන බව සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් , විදේශ කටයුතු අමාත්‍යංශය , ශ්‍රී ලංකා පොලිසිය , නාවික හමුදාව ඇතුළු වගකිවයුතු ආයතන සහ ධිවර දෙපාර්තමේන්තුව ඇතුළු ධිවර අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ කඩිනමින් සාකච්ජාවක් කැඳවා නිසි පියවර ගැනීමට ද එහිදී තීරණය කෙරිණි.
(36698)


2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
145
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මිනිස් ජාවාරම සඳහා බෝට්ටු යොදා ගැනීම නැවැත්වීමට නව නීතී පැනවීමට යයි