IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනිස් ජාවාරම් වලට තරුණියක් රට යැවූ කතක් රිමාන්ඩ්

සිතුම් චතුරංග

       

ලිංගික ශ්‍රමිකයින් ලෙස තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් යූ.ආනන්දරාජා මහතා අද (12) නියෝග කළේය.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියදී පූවරසන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණේ , ගිරිගොල්ල , ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර්.එම්.කුසුමාවතී නොහොත් සඳමාලි නැමති 33 හැවිරිදි කාන්තාවක් වේ.

මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සැකකාර කාන්තාව තරුණියන් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස සුළුමුදලක් ලබාදී අලෙවිකර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාල විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තිබූ බව පූවරසන්කුලම පොලිසිය අධිකරණයට දැන්විය.

සැකකාර කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණයන් හි විවෘත වරෙන්තු ඇති බවත් එම වරෙන්තු මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පැවසීය.

සැකකාර කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙනයන විමර්ශනවලට අදාළව හා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් පවත්වාගෙන යන නඩු සඳහා එදිනට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

කාන්තාව හට වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඇය පසුගිය වසරේ විදේශ රටකට පළා ගොස් සිට ඇති අතර කොවිඩ් 19  වයිරස අවදානම හේතුවෙන් පසුගිය 25 වැනිදා යළි මෙරටට පැමිණ පම්පමඩුව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා පැමිණ සිට ඇති බවට අනාවරණය වී තිබේ.

       



අදහස් (1)

මිනිස් ජාවාරම් වලට තරුණියක් රට යැවූ කතක් රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 March 2021 10:53 AM

මේ වගේ වැඩ වලට යැව්වත් නොයැවුවත්, ගෘහසේවිකා තනතුරට යන බොහෝ අයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එරට එහෙම වෙනවා. ඇත්ත ඒකයි. මේ කාන්තාවන් ගෘහසේවයට යැවීමෙන් ජාතිය බල්ලාට යනවා. ඒ සියල්ල වහන්න දේශපාලකයා ඔවුන් හඳුන්වන්නේ රට විරුවන් කියලයි. එ්ක නෙමෙයි... දන්නවාද අලුත්ම ආරංචිය... අන්න අපේ ජාතික කොඩිය පිටරට පාපිස්සකට දාලා විකිණීමට තියලා. විස්තරේ අද ආරංචි වෙයි. අන්තර්ජාලයේ තමයි පාපිස්ස විකුණන්න දාලා තියෙන්නේ...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site