(විනීතා එම් ගමගේ)
විදේශ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් යවන මුවාවෙන් මිනිස් ජාවාරමේ යෙදී අසුවී තහනමට ලක්කරන ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සිවල තහනම යළිත් කිසිදු අවස්ථාවක ඉවත් නොකිරීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත.
මේ පිළිබද චක‍්‍රලේඛය සියලූම විදේශ රැකියා ඒජන්සි සහ කාර්යංශයේ ශාඛාවලට යවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මාධව දේශප‍්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.
ඉකුත් සැප්තැම්බර් පළමුවැනිදා සිට නව නීතිය ක‍්‍රියාත්මක වන බවත් මිනිස් ජාවරම් සිදුකළ බවට චෝදනා ඔප්පු වුවහොත් එකී ඒජන්සිය පවත්වාගෙන ගිය පුද්ගලයා පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද ඒජන්සි පවත්වාගෙන යාම තහනම් කරන බව ද හෙතෙම කියා සිටියේය.
මිනිස් ජාවාරම් කර අසුවූ ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සි කිහිපයක් පිළිබද පරික්ෂණ කටයුතු මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි ද ඒවා පිළිබද පරික්ෂණ පවත්වා නඩු පැවරීම එම දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන බව ද පැවසූ දේශපි‍්‍රය මහතා ඒ අනුව කාර්යංශය ඉහත නීතිය ක‍්‍රියාත්මක කරන බව ද සදහන් කළේය.
COMMENTS
බොහොම හොඳ තීරණයක්... නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් වඩා යහපත්වේ. එමෙන්ම මෙම හොරුන්ට නීතියෙන් රිංගා යාමට තිබෙන සියලුම ගුල් වසා තැබිය යුතු බව අපගේ අදහසයි. මක්නිසාදයත් තහනම් කළ පමණින් එවන් අායතනයක් " වෙනත් නමකින්ම එම පල්හොරුන්ටම නැවත විවෘත කළ හැකිවේ නම් "එම දඬුවම් වලින් නිසි ප්‍රතිඵල ලබා ගත හැකිවේද? මහජනතාවට එවන් හොර ආයතනවල අයිති කරුවන්ගේ රූප පලකිරීමෙන් දැක ගත හැකිවේ නම් එය වඩාත් උචිතවනු නියතයි.
ලංකාවේ මෑන්පවර් ආයතන හරහා කරන්නෙත් මිනිස් ජාවාරම තමා, ඒවා නතර කරන්න බැරිද?