
කොරෝනා වයිරසයෙන් මුළු ලෝකයටම සිදුව ඇති බලපෑමත් සමඟ මානුෂීය අර්බුදවලින් පෙළෙන කලාප සහ රටවලට කරන ජාත්‍යන්තර ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 2කින් වැඩි කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (25) ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.
"මුළු ලෝකයේම ශක්තිමත් බව රඳා පවතින්නේ ලොව තිබෙන දුර්වලම සෞඛ්‍ය පද්ධතියේ ශක්තිමත් බව මත" යැයිද හෙතෙම කීය.
‘ලෝකයේ දුප්පත් රටවල් මේ අවස්ථාවේදී ඔවුන්ගේ අඳුරුතම පැයට මුහුණ දී සිටිනවා. ඉතිහාසය අපිව මනින්නේ මේ අවස්ථාවේදී අපි දුප්පත්ම රටවලට දක්වන ප්‍රතිචාරය අනුව’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ද පැවැසීය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි... දෙවි පිහිටයි...