IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘මනුෂ්‍යයාගේ වගකීම ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරිමයි’

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බවත් මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පැවැසීය. 
 
සිංගප්පූරුවේ දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය. 
 
එහිදි සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
“ පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයකු ලෙස තමා දැඩිව විශ්වාස කරනවා. මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩ නැඟීමටත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් අද අපගේ ප්‍රධාන වගකීම බව කිව යුතුයි. පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ද ඉතා වැදගත්.  
 
ප්‍රෞඨ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත දේශයක් වන ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව පියවර රැසක් ගෙන තිබෙනවා. ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කළ යුතු යැයි මම එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට යෝජනා කරනවා. 
 
තිරසර හරිත කර්මාන්ත සවිමත් කිරීම උදෙසා කලාපීය සහයෝගීතාවයන් ඇති කිරීමට දියුණු ජාතීන්ගේ සහය අවශ්‍ය වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් බලවත් ලෙස බලපෑමට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටවලට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ලෙස අරමුදල් ලබාදීමේ යාන්ත්‍රණයක අවශ්‍යයි. 
 
වර්තමානයට වනවිට කාලීන අවශ්‍යතාවලට අනුකූල ලෙස නව පියවර ගැනීමටත්, පරිසර සම්මුති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයත් ඇති වී තිබෙනවා. පරිසර සම්මුති යටතේ සිය වගකීම් ඉටුකිරීම උදෙසා සාමාජික රටවල් දිරිමත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද මම මෙහිදි මේ සමුළුවට යෝජනා කරනවා.  
 
එමෙන්ම පරිසර පද්ධතිය විශේෂයෙන්ම තෙත්බිම් රසායනික අපද්‍රව්‍ය වලින් සුරැකීමට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම බව ද සිහිපත් කරන්න ඕනේ.  කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජිකයකු ශ්‍රී ලංකා ඉටු කරන සුවිශේෂ කාර්යභාරය ද මම මෙහිදි මතක් කළ යුතුයි.
 
කඩොලාන සුරැකීම වෙනුවෙන් ගෝලීය මට්ටමින් අංගසම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්නත් මම කැමැතියි. 
ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැදවුවද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ජල සම්පත් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වුණා. එය පාරිසරික වෙනස්කම්වල බලපෑම අවම කර ගැනීමට ගත් එක් පියවරක් බව ද මෙහිදි කිව යුතුයි”.
 
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිංගප්පූරුවේ  මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (25) ආරම්භ විය. 
 
සිංගප්පුරු නියෝජ්‍ය අගමැති ටියෝ චී හීන්, ටුවාලු රාජ්‍යයේ අගමැති එනෙලා සොසීන් සෝපෝආගා  යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමුළුව පැවැත්වෙන ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පිළිගත්හ. 
 
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා වන නිර්මාණාත්මක විසඳුම්, යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
 
 
055



අදහස් (3)

‘මනුෂ්‍යයාගේ වගකීම ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරිමයි’

ase Saturday, 26 January 2019 10:19 AM

ජනාධිපතිතුමනි, ඔබ පත් වුනු දවසේ ධර්මේ ගමෙන් ගියානේ...

:       0       1

de silva Sunday, 27 January 2019 03:03 AM

බලයේ සිටි අවරුදු කිහිපයේ ඔබ බොරුවට එක එක විකාර දොඩවමින් ඔක්කොම අවුල් කල එක මිසක් රටට වැදගත් දෙයක් කලේ නැත , කලදෙයක් නැත , ජන්දෙට කලින් දුන් මැතිවරණ පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක කලෙත් නැත.

:       0       1

sandy123 Sunday, 27 January 2019 06:25 AM

වචනයේ පරිසමාප්ත අර්ථය නොදැන ඔහේ වාචාල කමට බාල ගැලරියට හුදු සුරංගනා කතා කියන අපේ ජනාධිපති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 820 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 944 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 387 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site