(නිමල කොඩිතුවක්කු)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මිය ගිය බව කියන දැරියගේ මරණය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් කාන්තා සංවිධානවල මානව හිමිකම් සංවිධානවල හෙලුව නිරුවත සහ පක්ෂපාතී බව ඉතා පැහැදිලිව පෙන්නුම් කරන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
වෙනත් සිද්දීන් සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන සමගි ජනබලවේගය මේ දැරියගේ මරණය සම්බන්ධයෙන් පතෝල න්‍යායක් අනුගමනය කරමින් සිටින බවත් මුසම්මිල් මහතා සඳහන් කලේය.
එම දැරියට සාධාරණය ඉෂ්ඨ වනතෙක් තම පක්ෂය විමසිල්ලෙන් බලා සිටින බවත් පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් සංවිධාන කියන්නේ එක එක රටවල් කියන පදවලට නටන සංවිධානයක්...
ඔයා අනුර කුමාරගේ අයර්ලන්තයේ ගෙදර බලන්න ගියැයි?
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මිය ගිය බව කියන දැරියගේ මරණය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් කාන්තා සංවිධානවල මානව හිමිකම් සංවිධානවල නිරුවත සහ පක්ෂපාතී බව කතා කිරීමට පෙර දැනට ක්‍රියාකාරී දේශපාලනයේ දී සිටිනා කිසිඳු මුස්ලිම් දේශපාලකයකු දැරියගේ මරණය පිළිබඳව කිසිඳු ප්‍රකාශයක්, කණගාටුව ප්‍රකාශ කිරීමක් නොකිරීමෙන්ම පෙනියනු ලබන්නේ ඔවුන් සියලු දෙනාම රිෂාඩ් බදියුදීන්, ඔහුගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් මිස රටේ සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ පෙනී නොසිටින බව තහවුරු වේ...
මේවා නිකන් බයිලා විතරයි...
මෙතුමා කියන කතාව හරියටම හරි...