IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මානව හිමිකම් යෝජනාවට දැක්වූ අනුග්‍රහයෙන් ඉවත් වීමේ සූදානමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමේ  යුද්ධයේ අවසාන සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ වගවීම් සම්බන්ධයෙන් වන කරුණු එම යෝජනාවේ අඩංගු වේ. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහභාගීත්වය ද සහිතව යුද අපරාධ විනිශ්චය සභාවක් ස්ථාපිත කළ යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර තිබිණි. 

මේ පිළිබඳව ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත කළ විමසුමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවා ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි. 

අපේ හමුදාව යුද අපරාධ නොකළ අතර දරුණුතම අපරාධ කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය යැයි ද ජීනිවාහිදී සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා කීය. 

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් ඇතිවිය හැකි වාසි සහ අවාසි සම්බන්ධයෙනුත් විදේශ කටයුතු අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බව ද වාර්තා වේ. එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා 2015 විසින් වසරේ සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි. 

එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් එය ශ්‍රී ලංකාව 2015 වසරේ සිට දැරූ නිල ස්ථාවරයේ සිදුවන සැලකිය යුතු වෙනසක් බව ද පැවසේ. 
ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ආරම්භ වී තිබෙන මොහොතක ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී. 

එම යෝජනාව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ අවසරය ඇතිව ශ්‍රී ලංකාව එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් නව රාජ්‍ය තාන්ත්‍රික ගැටළු රැසක් ඇතිවිය හැකි අතර එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමක් ද වේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය නිසා එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 22 සිට මාර්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි 

055

 



අදහස් (4)

මානව හිමිකම් යෝජනාවට දැක්වූ අනුග්‍රහයෙන් ඉවත් වීමේ සූදානමක්

විජිත් Sunday, 24 February 2019 08:52 PM

හැකියාවක් තිබෙනවානම්, කවුරු මොනවා - කොහොම කීවත් මෙම අදහස ඉතාමත් කාලෝචිතය.මට මතක හැටියට පිලිපීනයේ නව ජනාධිපතිවරයාත් මේවගේ දෙයක් එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඒ රට වෙනුවෙන් ඉදිරිපත්කලා . ඔහු කිවේ අපරාධ පිලිබඳ එකසත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයත් සමග ඔවුන් අත්සන්කළ ගිවිසුමෙන් ඉවත්වෙන බව කියලයි මට මතක. දැන් අපිට හොඳටම වැටහිලා තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන " කොටින් " ට අසාමාන්‍ය සහයෝගයක් දක්වන බව. අපි ..නැහැ නැහැ කියා කියා හිටපු යුධ අපරාධ චෝදනා පිළිගන්න තරමට හිටපු විදේශ ඇමති මංගල සමරවීරගේ ක්‍රියාකලාපය නිසා නැවතත් පන ලැබුව කොටි සහ එන් ජි ඕ කාරයින්ගේ කට වැසීමට මෙය ප්‍රභල පිටුවහලක් වේවි.

:       251       360

Nuwan Monday, 25 February 2019 01:00 AM

පුලුවන් නම් කරල පෙන්වන්න . මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ මතයටත් ගරු කල යුතුයි .ඒක තමා හොදමදේ .මොකද එතකොට ඔය රාජතාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ.

:       135       1

rocky Monday, 25 February 2019 01:52 AM

මේ සැරේ නම් ඉල්ලන් කන්නයි හදන්නේ! අපේ රටේ නමත් "ඉල්ලන්කාව" කියල වෙනස් කර ගනිමු! මෝඩ යක්කු!

:       568       237

Prabha Monday, 25 February 2019 10:29 AM

අපේ ජනාධිපතිතුමාව නාගන්නේ නැතිව කරපු එක වැඩක් තියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site