IMG-LOGO

2023 ජුනි මස 10 වන සෙනසුරාදා


මානව හිමිකම් කවුන්සිලය සමඟ ගැටලු ඇතිකරගන්න එපා

(නිමල කොඩිතුවක්කු)

රට දැවැන්ත අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමඟ ගැටලු ඇති කර නොගැනීමට රජය වග බලා ගත යුතු බව  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුවහොත් එයින් ජනතාව දැඩි පීඩාවට පත්වනු ඇති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කොළඹ ජානකී හෝටලයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

 “අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා.   එක් අතකින් කොවිඩ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩා වැටීමකට පත්වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහළ යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත් වන තත්වයකට පත්වෙලා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් අද මේ රටේ ඉන්නවා.

එක පැත්තකින් මේ විදිහට රට පටලවාගෙන තියෙද්දී තවත් අතකින් ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සම්බාධක පැණවීම් ගැනද කතා කරනවා.

බ්‍රිතාන්‍යය,ජර්මනිය,කැනඩාව ඇතුලු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන කණ්ඩායමට අයත් රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව පිළිබද කරන්නා වූ යෝජනාවක ප්‍රථම  කෙටුම්පත පසුගිය දා ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම යෝජනාව පිළිබදව මාර්තු මස 1 වනදින සාකච්ජා කිරීමට නියමිතයි.

අදාල යෝජනාවේ ඇතුළත් ක්‍රියාකාරීත්ව ජේදයන් පිළිබඳව සැළකීමේදී අප රට හමුවේ බලවත් අභියෝගාත්මක තත්වයක් දක්නට තිබෙනවා. අප රටක් ලෙස ඒ පිළිබදව බලවත් ලෙස අවධානය යොමුකළ යුතුයි.

එහිදී රජය ඉතාමත්ම බුද්ධිමත්ව එමෙන්ම පරිණත රාජ්‍ය තාන්ත්‍රික ඥාණයෙන් යුතුව මෙන්ම අවංකව රට වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

එසේ කටයුතු නොකරමින් අප මේ ප්‍රශ්නය තවත් අවුල් කරගතහොත් ඒ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුවහොත්, එයින් පීඩාවට පත්වනු ඇත්තේ මේ රටේ පාලකයන් හෝ දේශපාලකයන් නොවේ. අසරණ ජනතාවයි.

20 වැනි සංශෝධනය ගෙන ඒම තුළ අද රටේ විශාල අවුලක් ඇති වී තිබෙනවා. මහා සංඝරත්නය ඇතුලු අන්‍ය ආගමික ප්‍රජාවේ අති බහුතරයක් මෙන්ම සමාජයේ වැඩි කොටසකින්ම 20 වැනි සංශෝධනය ගැන ඇත්තේ විරෝධයක් හා පිළිකුලක්.

එනම් 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වෙත අසීමාන්තික බලතල ලබාගනිමින් ඔවුන් රටට ලබාදෙන්නේ යැයි කියූ ජයග්‍රහණ කිසිවක් හෝ ලබාදී තිබෙනවාද යන්න 20 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයන්ගෙන් විමසීමට මම කැමතියි.

ඇත්තටම 20 වන සංශෝධනයෙන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වුණා ද? රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගන්නට එය පිටුවහලක් වී තිබෙනවා ද? කොවිඩ් වසංගතය මර්දනය කරන්න ඒ මඟින් ලබාගෙන ඇති පිටු බලය කුමක් ද කියා අපි විමසනවා.

රටේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න ඒ මඟින් පුළුවන් වුණා ද? වෙන දෙයක් තබා ජීනිවා අභියෝගයට මුහුණ දෙන්න 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙක් ලබාගත් අසීමාන්තික බලයට හැකියාවක් තිබෙනවා ද?

නමුත් 20 වන සංශෝධනය මඟින් ඒ සියල්ලම ආපසු හරවා තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන ආයතනය පුරන් වූ කුඹුරක් කරමින් මහජන නියෝජිතයන් ඒ වටා සිටුවා තබන පඹයන් බවට පත්කර තිබෙනවා.

රටේ ආර්ථිකය ඉතිහාසයේ අන් කිසිදු යුගයක දකින්නට නොතිබූ ආකාරයට ප්‍රපාතයකට  ඇද වැටෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබෙනවා. ජාත්‍යන්තර  වශයෙන් ගත්විටද අද අපේ රට බොහෝ ගෞරවණීය මිතුරන් අහිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකය තුළ හුදකලා වෙමින් පවතින රටක් බවට පත්කරමින් තිබෙනවා.

ඊට අමතරව මුස්ලිම් ප්‍රජාවගේ පාරම්පරික චාරිත්‍ර  වලට බාධා කරමින් භූමදානයට ඉඩ නොදෙන ලෝකයේ එකම රට වශයෙන් අපේ රටට ලෝක මුස්ලිම් රටවලින් හා ජනතාවගේ විරෝධය දැඩි ලෙස එල්ලවී තිබෙනවා.

එමෙන්ම 20 වැනි සංශෝධනය නිසා ඇතිවු මහා විනාශය තවත් මහා විනාශයක ආරම්භයක් වෙන්නත් පුළුවන්. මේ සිද්ධීන් ඇති වුනේ වර්තමාන පාලනය තුළ, එම නිසා ඒ කරුණු දැඩි අධ්‍යයනයට ලක්කිරීම මේ අවස්ථාවේ ගතහැකි බුද්ධිමත් පියවරක් ලෙස අපි දකිනවා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ රට වෙලාගෙන ඇති එවැනි ගිණි නිවනවා වෙනුවට බලලෝභයෙන් මත් වුණ කිහිපදෙනෙක් එයින් ගිණි තපිමින් ඒ ගින්දර තව තවත් අවුලවන ආකාරයක් ද දකින්නට තිබීමයි. තමන්ගේ කඳවුරට හා කල්ලියට අයත් නොවන වෙනස් මත දරන්නා වූ දේශපලඥයන් දඩයම් කිරීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා අපේක්ෂාව සළකා බලන විට ඒ බව තේරුම් ගන්න පුළුවන්.

 



අදහස් (11)

මානව හිමිකම් කවුන්සිලය සමඟ ගැටලු ඇතිකරගන්න එපා

chandima Thursday, 25 February 2021 11:19 AM

ඔයගොල්ලෝ ඉන්න කාලෙනේ නූල් බෝලේ පැටලෙව්වේ... අර ජාත්‍යාලයෙන් පුස්තකාල ගිනිතියලා පටන්ගත්තු දේ නේ මෙතරම් දුර ගියේ... මතක නැතිද?

:       0       0

Bamunuarachchi Thursday, 25 February 2021 12:32 PM

කරූ මහතා ඔබේ එකඟතාව හරි. නමුත් අපිව ඔය තත්වයට ඇද දැම්මේ ඔබලානේද? රට වෙනුවෙන් ඔබලාට රාජපක්ෂලා සමග එකට සිටගෙන අපි යුද්ධ අපරාධ කළේ නැහැ. කියන්න තිබුණා සුදුකොඩි කාරයින්ට වෙඩි තිබ්බේ අපියි කියා ඔබලා පිළිගත්තා. වෙඩි තියන්න ඔබලාගේ හමුදාපති අණදුන්නා කියා කීවානම් උන්දැත් ගස් නේද?

:       0       0

රමනි Thursday, 25 February 2021 01:05 PM

තවත් එන්.ජී.ඕ. කාරයෙක් වුණාද? දැන් තේරෙනවා මෙයා යුද්ධය කාලයේ ලොකු පුටුවේ හිටියා නම් එක්සත් ජාතීන් කියන දේ අහලා ප්‍රභාකරන්ට මල් තියනවා කියන එක. ලැජ්ජා නැතිකම තමයි ඉතින්...

:       0       0

Demuni Uduwara Thursday, 25 February 2021 01:48 PM

අපේ පාලකයෝ දන්නේ ලෝකල් දේශපාලනය පමණි.

:       0       0

SUNIL MILANO Thursday, 25 February 2021 03:13 PM

ගැත්තාට අනුකම්පා කරනු මැනවි. අපි යුද අපරාධ කළෙමු. මේ විදිහටද කියන්න ඕනෑ..?

:       0       0

Cisco Thursday, 25 February 2021 04:30 PM

මෙතුමා පාර්ලිමේන්තුවේ කතානායක වෙලා ඉන්දැද්දී තිබුණේ ආණ්ඩු පක්ෂය සහ ආණ්ඩුවට් මුක්කු ගහපු විපක්ෂයක්. ඉතින් කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක්.. මේ ගොල්ලො කතාකරන ප්‍රජතන්ත්‍රවාදය..

:       0       0

කනිෂ්ක Friday, 26 February 2021 01:15 AM

එදා මානව හිමිකම් කොමිසමට ආරක්ෂක අංශ පාවා නොදී තිබුණා නම් මෙවන් ගැටලු ඇතිවන්නේ නැත...

:       0       0

Ratne Friday, 26 February 2021 01:48 AM

මෙයා කොහෙන්ද නැගිටලා තියෙන්නේ? මොවුන්ගේ වැඩ නිසා තමා කැලෑ පාළුවෙකු බලයට ගේන්න ජනතාවට සිදු වුනේ...

:       0       0

මුණසිංහ Friday, 26 February 2021 02:21 AM

ඒ කියන්නේ ගහන පදයට නටන්න කියන එකද? ඉල්ලන ඒවා දෙමු කියන එකද? 2015-19 දී කලේ ඒ ටික නේද? රට පාවා දෙන්න එපා මහත්තයෝ...! කොන්ද කෙළින් තියාගෙන රට ගොඩ නගන්න.

:       0       0

Mann Friday, 26 February 2021 12:55 PM

ජනතාව පෙලා ආර්ථිකය බිඳ දමා සාමාන්‍ය මිනිසුන්ගෙන් පලිගැනීම මානව හිමිකම් ආරක්ෂා කිරීමක් සේ දකින්නේ කෙසේද?

:       0       0

CHANDA Friday, 26 February 2021 09:31 PM

විදේශීය චරපුරුෂ සේවයකට නැටවෙන දේශිය එ්ජන්තයෙක් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ඉවුම් පිහුම් වැඩ බලන්න යයි
2023 ජුනි මස 10 21 0

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජනපති ඉවුම් පිහුම් වැඩ බලන්න යයි
2023 ජුනි මස 10 187 0

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ
2023 ජුනි මස 10 14 0

මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර


ආරුගම්බේ මුහුදේ ගසාන ගිය සිවු දෙනකු බේරා ගැනෙයි
2023 ජුනි මස 10 390 0

අරුගම්බේ උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටිය දි දියේ ගසාගෙන යමින් සිටී තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් බේරා ගනු ලැබූහ.


ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
2023 ජුනි මස 10 567 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමා


උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්
2023 ජුනි මස 10 498 3

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 349 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1651 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 898 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site