බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි, තියුණු ආයුධ සහ ජීව උණ්ඩ,සහ වාහන අංක තහඩු කීපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම සැකකරු සමඟ බෝර 12 ගිනි අවියක් , බෝර 12 උණ්ඩ 16 ක්,කඩු 3 ක්,කෙටේරි 1 ක් , පිහි 4 ක් හා මිලිමිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 12ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුගෙන් මෙවැනි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි මාතෘ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ ඇල්ලුවට... ඇප මත නිදහස් වෙනවා... ආයෙ කරන්නෙත් ඕවාම තමයි. අල්ලපු ගමන් හංගපුවා බලන්න යන්න ඕනේ..
වර්තමාන මිනුවන්ගොඩ පොලිස් සථානාධිපති මහේෂ් මැතිඳුනි ඔබට ජය. ඔබගේ සපැමිණීමෙන් පසු මහා පරිමාණ හෙරොයින් ජාලය සහ ප්‍රබල හෙරොයින් ජාවරමුන් නීතියේ රැහැනට කොටුකරන ලදි. ඔබට සදා ජය..!!!.