IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මොනරාගල රෝහලේදී මළ සිරුරු දෙකක් මාරු වේ

(කේෂර ගුණතිලක)

ළිඳට වැටී මියගිය දෙදරු පියකුගේ සිරුර  වෙනුවට වල් අලිප්‍රහාරයකින් මියගිය  අයකුගේ සිරුරක් ලබාදීමේ පුවතක් මොනරාගල රෝහලෙන් වාර්තා වෙයි.

මියගිය අයගේ ඥාතීන්  මෘත දේහය නැවත මොනරාගල මහ රෝහලට ගෙනැවිත් බාරදී මියගිය  තම ඥාතියාගේ මෘතදේහය රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ඇතිලිවැව-වෙහෙරයාය පදිංචි ජේ.ඒ.එල් ඥානතිලක (55) නමැති දෙදරු පියකු ළිඳකට වැටී මියගොස් තිබුණු අතර කුඩාඔය පොලීසිය ඔහුගේ සිරුර වැල්ලවාය මූලික රෝහලට ගෙනවිත් තිබිණි.

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී එච්.ආර්.එන් යාපා මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් මෘතදේහය වැල්ලවාය නගරයේ මල්ශාලාවකට භාරදී ඇත.

එදින මල්ශාලාව මඟින් මෘතදේහය එම්බාම්කොට සකස්කර මධ්‍යම රාත්‍රියේ මෘතදේහය නිවසට ගෙනවිත් බාර දුන්නේය..

මියගිය අයගේ දියණිය මෘත දේහයේ උඩුරැවුල තිබෙන බවට දැක තමාගේ පියා කිසිදිනෙක උඩුරැවුලක් වවා නොමැති බවත් මෘත දේහය තම පියාගේ නොවන බවත් පවසා ඇත.

පසුව ඥාතීන් මෘතදේහය පරික්ෂාකොට ඇති අතර තමන්ගේ ඥාතියාගේ නොවන බවට නියත වශයෙන්ම හඳුනාගෙන ඇත.

පසුව ඒ පිළිබඳව කුඩාඔය පොලීසියට දැනුම්දී පොලිස් නිලධාරීන් සමඟ මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙනවිත් බාරදී එහි තිබූ ඥාතියාගේ මෘතදේහය ආපසු රැගෙන ගොස් එදිනම සවස මිහිදන් කිරීමට පියවරගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනවිත් මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබූ  ඔක්කම්පිටිය මාලිගාවිල රාත්‍රී වැව ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් මියගිය 61 හැවිරිදි  අයකුගේ මෘත මෘතදේහය මෙලෙස මාරුවී ගොස් ඇති බව පසුව හෙළිවී තිබේ.



අදහස් (1)

මොනරාගල රෝහලේදී මළ සිරුරු දෙකක් මාරු වේ

rathgama Friday, 16 April 2021 06:18 AM

මැරිච්ච අය ආපහු නැගිටිනවලු.. මෘතශරීර මාරු වෙනවලු.. දැන් මුලු රටම හොල්මන් රාජ්‍යයක් බවට පත්වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site