
(නිමල් ජයරත්න)
පොලොන්නරුව මනම්පිටිය - දළුකනවාඩිය මාර්ගයේ දි අද අලුයම යුද හමුදා බස් රථයක් හා ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවන තිදෙනෙකි.
පොලොන්නරුවේ සිට මනම්පිටියේ නිරෝධායන කඳවුරකර රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය යුද හමුදා බස් රථයක් හා පොලොන්නරුව රෝහලට කම්කරු සේවිකාවන් රැගෙන ගිය කුඩා ජිප් රථයක් මෙසේ අනතුරට ලක් වි ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපල බව පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ ජිප් රථයෙන් 13 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එක පාර මැද නේද?
ඔය ආයතන වල අය පාරට බැස්සම විනය නම් අන්තිමයි.
හමුදා බස් එක සම්පූර්ණයෙන්ම පාරේ වැරදි පැත්තෙ. කෝ දැන් ඔය තියෙනවා කියන විනය?