IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’මුන්නේශ්වරන් දේවාලයේ නිකිණි පූජාව සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට අනුවයි’


(ඔගස්ටින් ප්‍රනාන්දු)


කොරෝනා වසංගත තත්ත්වය යටතේ සෙඛ්‍ය අංශ මගින් පනවා ඇති නීති රිති යටතේ හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවය චාරිත්‍රානුකූලව චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව එම දේවාලයේ ප්‍රධන පුජක බ්‍රාහ්මසාරි එස්. පත්මනාභ කුරුක්කල්වරයා  එම දේවාලයේ දි පැවැති මාධ්‍ය හමුවක දි ප්‍රකාශ කළේය.

තවදුරටත් කුරුක්කල්වරයා මෙසේ ද කීහ.

''කොරෝනා වසංගතය මර්දනය කිරීමට රජය විසින් මේ වන විට විවිධ සෞඛ්‍ය නීති රිති පනවා ඇති නමුත් මෙම දේවාලයේ මහා මංගල්‍ය චාර්ත්‍රාණුකුලව පැවැත්විය යුතුවෙනවා. ඒ අනුව මෙවර මංගල්‍යය පැවැත්වෙන කාලයේ දි මෙහි එන සියලු බැතිමතුන් විශේෂයෙන්ම එම නීති රිති කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරිම වැදගත්වේ.
තම සිරුරේ උෂ්ණත්වය කෙරෙහි මෙන්ම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමටද උනන්දු විය යුතුයි. හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මෙන්ම පොලිසිය මෙහි ළගා වන බැතිමතුන් කෙරෙහි දැඩි අවධානයකින් යුතුව කටයුතු කරනවා.

අගෝස්තු මස 5 වන දින දහවල් 12 ට යෙදෙන සුබ මොහොතින් සම්ප්‍රදායානුකූලව කප් සිටුවා උත්සව සමය ආරම්භ වෙනවා. රථෝත්සවය 31 වන දින දහවල් වරුවේද සැප්තැම්බර් මස 1 වන දින දියකැපීම ද සිදුවෙනවා.  සියලු පෙරෙහැර වෙනත් උත්සව සමයන්හි පැවැති ආකාරයෙන් බැහැරව කෙටි ක්‍රමයන් අනුව සිදුකරන්න නියමිතයි.

විශාල වශයෙන්  බැතිමතුන්ට කිසිදු පූජාවකට සහභාගිවීමට අවස්ථාව නොලැබෙන අතර තනි තනි වශයෙන් සියලු ආගමික කටයුතු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

කිසිදු බැතිමතෙකුට නවාතැන් ගැනීමට පහසුකම් සලසා නැහැ. වෙළද සැල්  පැවැත්වීමට අවසර නැහැ.  දිය කැපීමෙන් පසු පෙරහැර හලාවත නගරයේ වීදි සංචාරය කරන්නේද නැහැ'' යැයි ඔහු කීය.



අදහස් (0)

’මුන්නේශ්වරන් දේවාලයේ නිකිණි පූජාව සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට අනුවයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site