තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග
මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
මන්නාරම සමූහ මිනීවළේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වන තුරු පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.
මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය නියෝජනය කරමින් එහි සභාපති සාලිය පීරිස් මහතා හා තවත් සාමාජිකයෙක්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් කිහිප දෙනෙකු ද සභාගී වී තිබේ.
දැනට කර ඇති කැනීම් සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමට මෙම සාකච්ඡාවේදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා එකඟත්වය පළ කර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු යළිත් වරක් සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු ගැන කතා බහ කිරීමට ද තීරණය වී ඇත.
එමෙන්ම මේ හා සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බව ද සාකච්ඡාවේදී කියැවිණි.
කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටැවුවද මෙහි ආරක්ෂාව තර කර තිබෙන බවත්, දැනට මතුකරගෙන ඇති අස්ථි කොටස් විනාෂ වීම නැවැත්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කටයුතු කරන බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කීවේය.
COMMENTS
අපට නං ඔය රාජපක්ෂලා කියන කට්ටිය ගැන නං කිසිම විශ්වාසයක් නැහැ.
මාතලේ සමුහ මිනි වල ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? ඒක යට ගැහුවේ කාගේ උවමනාවටද? ඊළඟ ජනාධිපතිවරණයට කලින් ඒ ගැන හොයල බැලුවොත් හොඳයි. නැතිනම් එක සදාකාලිකවම යට යන්න පුළුවන්.
රාජපක්ෂලා තමයි කොටින්ගෙන් රට බේරාගත්තේ
පරංගින්ට අවනත නොවුණු අයට අත් වුනු මිලේච්ච සිදුවීමක්
රජකාලේ දඩුවම් කනත්තක් වෙන්න ඇති. මරණ දඩුවම දීලා මෙතන තමයි දාන්න ඇත්තෙ.
මාතලේ මිනී වලවල් පිලිබඳ කළ පරීක්ෂණ කටයුතු ගැන තොරතුරු යටපත් කරන්නේ ඇයි? එතන ලොකු අභිරහසක් තියනවා වගෙයි...!