
( රොමේෂ් මධුෂංක)
මන්නාරම කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී සොයාගත් තරුණියකගේ මළසිරුරක් හමු වී ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 22 හැවිරිදි කීර්තනා නැමති තරුණියෙකි.
කොන්දෙයිපිටටි වෙරළ තීරයේදී ඊයේ (14) සොයාගත් තරුණියගේ මළසිරුර මේ වන විට ඇයගේ මව විසින් හඳුනාගත් බව පොලීසිය කියයි.
මන්නාරම ප්‍රධාන පාලමේ සිට ඉකුත් 13 වැනිදා මුහුදට තරුණයක් වැටෙන අයුරු අසළ සිටි ධීවරයින් පිරිසක් දැක මුහුදට වැටුණු තරුණිය සෙව්වුද තරුණය අතුරුදහන්වී තිබිණි.
පසුව ඊයේ (14) තරුණියගේ මළ සිරුර කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම් දී තිබුණි.
පසුව තරුණියගේ මළසිරුර තිබූ ස්ථානයට ගොස් පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කල අතර එහිදී මිය ගිය තරුණිය පසුගිය 11 වනදා තවත් තරුණයෙකු සමගින් මන්නාරම බස්නැවතුම්පලේදී හමු වී කතාකරන අයුරු සී.සී.ටී.වී කැමරා මගින් අනාවරනය කරගැනීමට පොලීසියට හැකිවී ඇත.
ඒ අනුව අදාල තරුණයා ඇගේ පෙම්වතා විය හැකි බවටත් ඔහු සමග ඇති වූ පෙම් ආරවුලක් මත තරුණිය මන්නාරම් ප්‍රධාන පාලමෙන් පැන සියදිවි හානිකරගත්තේද නැතිනම් තරුණයා විසින් තරුණියව පාලමෙන් තල්ලුකරේද යන්න පිළිබදව සැකසහිත බැවින් ඒ පිළිබදව පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයි පොලීසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
531
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරමේ වෙරලකින් තරුණියකගේ සිරුරක් හමුවෙයි