IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මන්ද මානසික දැරියක් අපයෝජනය කළැයි ප‍්‍රාදේශීය සභිකයා ඇතුළු පහක් රිමාන්ඩ්

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට පත් තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ සභිකයකු ඇතුලූ සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

මෙසේ රිමාන්ඩි භාරයට පත් කෙරුනේ සෙවනගල පොලිස් වසමේ කිරිඉබ්බන්වැව පදිංචිකරුවන් වූ ගොඩැල්ලගේ ඉසුරු නවෝද්‍ය නොහොත් ඉසුරු, මහමඩ කපලූවගේ විල්ප‍්‍රන්, තණමල්විල ප‍්‍රාදේශීය සභා සභික රණවීර ආරච්චිගේ රණවීර නොහොත් නාලක (ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ), එච්.ඒ. ප‍්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ සෙවනගල නුගේගල යායේ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන් මාමා යන අයයි.

ලිංගික අපයෝජනය ලක් වූ දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

පාසල් දැරියක වන ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලීසිය පවසයි. මාස තුනක කාලයක පමණ සිට වරින්වර මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු ඇති බවත් ඒ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වන බවත් සෙවනගල පොලීසිය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ප‍්‍රාදේශීය සභිකයා ඇතුලූ තිදෙනෙක් පොලීසිය මගහැර සිටියහ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් කරද්දී අත්අඩංගුවට ගැනීම හැකිවූ බව පොලීසිය කීවේය.



අදහස් (18)

මන්ද මානසික දැරියක් අපයෝජනය කළැයි ප‍්‍රාදේශීය සභිකයා ඇතුළු පහක් රිමාන්ඩ්

Shan Thursday, 09 April 2020 01:49 PM

රිමාන්ඩ් එකේ ඉන්න අය එයාලා ගැන බලා ගනීවි...

:       0       93

කුමාර Thursday, 09 April 2020 02:21 PM

මෙයාට නෙවෙයි ගහන්න ඕනේ. මේ අයට චන්දේ දීපු බුරුවන්ට. රජ කාලේ දඬුවම් දිය යුතුයි.

:       5       2223

Raveendra Thursday, 09 April 2020 02:34 PM

මොහු දියවන්නා පට්ටියට ඇතුළුවීමට මුලික සුදුසුකම් ලබා ඇති බැවින් ලග එන බුරුවන් තේරීමේ තරගයේදී ඉහලම මනාප ලබාගත හැකි වෙනු ඇත. මෙම අදහස් අපගේ මුල් පුරවැසියාට කියවීමට හැකි වේවා !!!

:       0       1713

විජේ Thursday, 09 April 2020 02:59 PM

මොවුන්ව හිරේ දාලා මිනිස්සුන්ගෙ සල්ලි වලින් පිනට ජීවත්වෙන්න අරින්නෙ නැතුව, එක දිගට අවුරුදු 10ක් විතර යනකන් සතියකට දවසක් පොලිසියට ගෙන්නලා ගත්තනං ආයෙ ඔහොම කරන්නෙ නෑ, කරන්න බෑනෙ...

:       4       55

ravi Thursday, 09 April 2020 02:59 PM

මගේ රටට දෙවියන්ගේම පිහිටයි .. !

:       0       74

kasun Thursday, 09 April 2020 03:23 PM

ළමා අපචාර, ස්ත්‍රී දූෂණවලට කලාපයේ රටවලින් අඩුම දඬුවමක් ලැබෙන්නේ අපේ රටෙයි. වහාම අවම වසර දහයකවත් අනිවාර්යය සිරදඬුවම් ලබා දෙන්න. ඒ වගේම වින්දිතයන්ට හැකි උපරිම මුදලක් ලැබෙන පරිදි දඩ මුදල සංශෝධනය කරන්න.

:       0       114

ramani Thursday, 09 April 2020 03:37 PM

මෝඩ වහල්ලුනි, දීපල්ලා උඹලාගේ ඉතිරි චන්ද ටිකත් මේ පාහරයන්ටම.

:       0       2599

RaveendraFriday, 10 April 2020 06:00 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ලෝකය දෙස මධ්‍යස්තව බැලීමේදී අප සැවොම ඒ ඒ කොට්ටාශවල වහලුන් බව නම් ස්ථිරය. එය අපගේ " නුගත් ඥනයට " වැටහෙන දෙයක් බව කිව යුතුය.

:       0       0

wije Thursday, 09 April 2020 05:03 PM

රිමාන්ඩ් කරලා විතරක්නම් මදි...

:       0       33

jim kuru Thursday, 09 April 2020 06:17 PM

උපරිම දඬුවන් දෙන්න...

:       0       32

Mahee Thursday, 09 April 2020 06:20 PM

මොවුන්ගේ නම් ගම පැටිකිරිය සහිතවම පුවත වාර්තා කිරීම ගැන ලංකාදීපයට මගේ ගෞරවය!

:       0       1380

lalithm Thursday, 09 April 2020 07:31 PM

වනචාරීන් තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කරලා තියෙන්නේ කව්ද? සමහරවිට ඔය කරදරයට පත් දරුවාගේ දෙමව්පියොත් ඔය මිනිහට චන්දෙ දමන්න ඇති.

:       0       930

sharm warn Friday, 10 April 2020 02:05 AM

අර පිට කොටුවේ ඩොලර් වලට කෑමොර දෙන කාන්තා සංවිධාන වල නෝනලා.. කොහෙද දන්නේ නැහැ නේද? අර හැටනම ලක්ෂේටත් පුදුම සතුටක් ඇති අප්පා..

:       0       0

Rohana HUNNASGIRIYA. Friday, 10 April 2020 02:09 AM

සුදුසුකම් සපුරනලද දේශපාලනයට සම්බන්ධ තැනැත්තා " වියත්මග " මණ්ඩලයට එකතු කළා නම් ලොකු සේවයක් රටට ලබාදෙන්න හැකිවේවි අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේවා....!!!

:       0       0

Pradeep Friday, 10 April 2020 03:30 AM

මේ ටික ටික සුදුසුකම් ලබන්නේ ලග එන මහමැතිවරණයට වත්ද...? ජනතාවනි ඔබලා මොවුන්ගෙන් බලාපොරොත්තු වුයේ මෙයම නොවේද..?

:       0       3

ධම්ම Friday, 10 April 2020 04:26 AM

මෙවන් අයව නිදහස්කර හැරීමේ ක්‍රමවේදයක් ගැන සිතීමට කාලය එළඹ තිබේ.

:       0       1

upali Friday, 10 April 2020 05:30 AM

මන්ද බුද්ධික දැරියක් නම් අටවෙනි වසර ඉගෙන ගන්නේ කෙසේද?

:       0       0

Champa Friday, 10 April 2020 05:34 AM

කරන්න ඕනේ පුළුවන් තරම් නීති තද කරන එක. හැබැයි වෙන්නේ මොකක්ද? දැන් කොරෝන පිටින් දාල නීතිපති කියනව සුළු කුඩ්ඩන්ට ඇප දීල නිදහස් කරන්නලු. මත්ද්‍රව්‍ය වෙළඳාම, ළඟ තබා ගැනීම, පාවිච්චිය මේ කිසි දේකට ඇප දිය යුතු නැහැ. මේ හදන්නේ ඊට පස්සේ ඒ පිටින්ම දාල මත්ද්‍රව්‍ය ජාවරම්කාරයොත් එලියට ගන්න. ඇයි ඒ ඔක්කොම දේශපාලකයෝ එක්ක සම්බන්ධකම් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 327 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 847 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1274 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site