
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. තමා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගන්න නොවේ යැයිද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
"මා මෙහි ආවේ හදවත් සැත්කමකින් අනතුරුවයි.
අප ධනාත්මක විවේචන කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වන්නයි.මුතුරාජවෙල සිදුවීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් ද කතා කරනු මා දුටුවා.ඒ ගැන මගේ හිතේ ගෞරවයක් තිබෙනවා.රන්ජන් රාමනායක මහතාට නිදහස දෙනවා නම් මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.මා මේ කතා කියන්නේ ගම්පහින් ඡන්ද ගන්න නොවේ.සහරාන්ගේ නෝනා කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන් සමඟ ගෙදර දී හමු වූ අවස්ථා තිබෙන බව සාදියා නැමැති සහරාන්ගේ නෝනා ප්‍රකාශ කර තිබෙනවා.යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මටහුඩු නයි කයිද රෝස් පාන් කිව්වාලු.
රන්ජන් පාර්ලිමේන්තුවේදී කිව්වා කුඩු ගහන මන්ත්‍රීලා ඉන්නවා කියලා .ඒත් ඒ නම් හෙළි කලේ නැහැ .ඒකට කරන ප්‍රති උපකාරයක්ද දන්නේ නැහැ
ලිස්ට් එකෙන් ඇවිල්ලා ලජ්ජා නැහැ රන්ජන්ට බැරි බව දන්නා නිසා මෙහෙම කියනවා
පුටුව පිං පිණිස දුන් පියා කව්ද?
රන්ජන්ට තේරෙනවාද මන්දා මේ කරපු විහිළුව... පව්..!