කේ.ඩී.දේවප්‍රිය
යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම තරුණයකු අද (18) සවස වන අලියකුගේ ප‍්‍රහාරයෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
මෙම මියගිය තරුණයා දේශීය සංචාරකයින් පිරිසක් සමඟ වන සතුන් බැලීමට ගොස් තිබේ.
මොහු මන්ත‍්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව සමත්කම් දැක්වූ පුද්ගලයෙකි.
මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචි එල්. ඒ. සුසන්ත (41) හැවිරිදි තරුණයකි.
සිද්ධිය සම්බන්ධව කතරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අලි මෙල්ල කරන්න අමාරුයි වගේ.
මන්ත්‍රවලින් බැරිද ඡන්ද දිනන්න?
හරිම දුකයි. අලි මෙල්ල නැති කාලයක් මේක.
ජනිධිපතිටත් බැරිකොට අනේ මන්ද..
මිනිසෙකුගේ ජීවිතයක වටිනාකම විහිළුවකට ගැනීම ඔබගේ ම ජීවිතයේ වටිනාකමට අගරු කර ගැනීමකි.
අලි කියන්නේ නරක සතුන් කොටසක් නොවේ. නමුත් කවදා හෝ කෙනෙහිලි වැඩක් මිනිසෙක් කර තිබුනේ නම් එය මතකයේ තබාගෙන පලි ගැනීම වල් අලි විතරක් නොවෙයි හීළෑ අලිත් කරනවා. කොහොම වෙතත් මද කිපුණ අලිත් එක්ක ගනු දෙණු කිරීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. අලියා භයානක සතෙක් වෙන්නේ ඌ මිනිස් වේශයෙන් කටයුතු කරන අවස්ථාවලදී කියන එක දැන්නම් හොඳටම පැහැදිලියි.
අලිත් එක්ක සෙල්ලම් බෑ.... ඔන්න දැක්ක නේද.....
'මිනිසෙකුගේ ජීවිතයක වටිනාකම විහිළුවකට ගැනීම ඔබගේම ජීවිතයේ වටිනාකමට අගරු කර ගැනීමකි'. මෙතන විහිලුවකට ලක් කර ඇත්තේ නැති වුණු මිනිස් ජීවිතය නොව 'අලි මෙල්ල කිරීම' පමණි. කරුණාකර හරිහැටි කියවා තේරුම් කර ගන්න. රාජේශ් කන්නා මහත්මය කන එකයි, රඟපෑමයි ටිකක් අඩු කළා නම් ව්‍යංගාර්ථ තේරුම් යයි.