IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මන්ත්‍රී ප්‍රේමලාල්ගේ අභියාචනය සලකා බැලීමට දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

2015 ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී  පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්  වී මරණ දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනකු  එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම ලබන නොවැම්බර්  මස 25 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) දින නියම කළේය.

මෙම අභියාචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම මෙදිනට සලකා බැලීමට  විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී.

2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත  ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා  වෙඩි තබා  මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරු වන් තිදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

එහි තීන්දුව 2020 ජූලි මස 31  ලබා දෙමින්  රත්නපුර මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු  විත්තිකරුවන් වැරදිකරුවන්  බවට තීරණය කරමින්   මරණ දඩුවම නියම කළේය.

එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා  මෙම පෙත්සම ගොනු කළහ.

අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි,  අනූජ ප්‍රේමරත්න, නීතීඥ   බුද්ධික චන්ද්‍රසේකර,  යන මහත්වරු  පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා  පෙනී සිටියේය



අදහස් (9)

මන්ත්‍රී ප්‍රේමලාල්ගේ අභියාචනය සලකා බැලීමට දිනයක්

පිටිගල මිලානෝ Monday, 04 October 2021 06:15 PM

මේ අතරේ අවශ්‍ය කට්ටිය නිදහස් කරගත්තාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ මිනිස්සු මත්වෙලා දැන් ඉන්නේ...

:       3       29

C.K.Lankaputhra. Monday, 04 October 2021 06:19 PM

එතුමා කිසි වැරුද්දක් කරලා නෑ. ඒකනෙ පාර්ලිමේන්තුවෙත් වාඩි කෙරෙව්වේ. ඉතින් අය මොන කතාද? සෙල්ලං තුවක්කුවක් පත්තු උනා විතරයිනෙ.

:       1       22

Nuwan Monday, 04 October 2021 06:41 PM

ගෞරවාන්විතව නිදහස් වුනේ නැත්නම් ලෝක පුදුමයක්

:       1       29

Indhika Monday, 04 October 2021 08:00 PM

ඒ කියන්නේ එයත් නිදහස්.

:       1       31

Kumara Monday, 04 October 2021 10:59 PM

ඕකට විනිසුරු මඩුල්ලක් ඕන නෑ .

:       1       23

Perera Monday, 04 October 2021 11:45 PM

නඩුවේ අහන්න දෙයක් නැහැ.

:       1       22

Don perera Tuesday, 05 October 2021 12:50 AM

නිදහස් වෙයි වගේ.

:       0       0

ranjith Tuesday, 05 October 2021 05:14 AM

සත්‍ය වශයෙන්ම වරදක් කරලා ඇත්නම් ස්වභාව ධර්මයෙන් හරි කවදා හෝ දඩුවම් ලැබේවි

:       0       0

Nihal Tuesday, 05 October 2021 06:44 AM

තිරණය කලින්ම අපිට කියන්න පුළුවන්.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1154 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site