
(නිමන්ති රණසිංහ සහ ඡායාරූප ජයමල් චන්ද්‍රසිරි)
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, බී. දිගම්බරම්, එම්. උදය කුමාර් සහ වේලුකුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා පෙරවරුවේ පැමිණ ලිඛිත පැමිණිල්ලක් භාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය .
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල දැරිය, බාලවයස්කාර දැරියක් බවත්, ඇය කාලාන්තරයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් හෙළිවී ඇති බැවිනුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මෙම මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසට බලකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතාගේ කුරුදුවත්තේ පිහිටි නිවස අසල විරෝධතාවක් ද සිදුකරනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි හිටපු ඇමති රිෂාර්ඩ් බදුර්දීන් මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1061
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීවරු හතරක් දැරියගේ මරණය ගැන පරික්ෂණයක් ඉල්ලති