IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරු එහා මෙහා යති

(ඩයනා උදයංගනී)


පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමේ අභියෝගය බාරගෙන සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරින් වර යන බව වාර්තාවේ. 

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියටත් කටයුතු කරන බව දන්වා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශ ලබාදී තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කී එම පක්ෂයේ වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරුන් ද මේ වනවිට එම අදහස වෙනස් කරගෙන ඇති අතර වඩිවේල් සුරේෂ් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අරලියගහ මැදුරේදී පැවැත්වෙන පුවත් පත් සාකච්ඡාවකට සහභාගි වූ බවද දැනගන්නට ඇත. 

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය දෙමළ ජාතික සන්ධානය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නම් තවත් මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ පමණ සහය ලබාගැනීම අවශ්‍යව ඇත.

එජාපයේ ආනන්ද අලුත්ගමගේ සහ වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු  මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ඉදිරිපත්ව සිටිති.



අදහස් (14)

මන්ත්‍රීවරු එහා මෙහා යති

Perera Monday, 29 October 2018 04:47 AM

හොඳ ගෙඹි සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් දැන්.

:       0       134

sunanda Monday, 29 October 2018 04:50 AM

රිෂාඩ් බද්යුදීන් ? තව කෑල්ලක් දෙන්න විල්පත්තුවෙන්...එතකොට කැමති වෙයි ...පුදුම ආදරයක් තියෙන්නේ රට වෙනුවෙන්.........

:       3       146

isurandi Monday, 29 October 2018 05:11 AM

ඔන්න දැන් තමයි ජනතා නායකයින්ගේ පැටිකිරිය උරගා බලන වෙලාව. අපිත් බලාගෙන ඉන්නේ මොකාද එහාට මෙහාට පනින්නේ කියලා තමයි.

:       0       128

ලුම්බිණි Monday, 29 October 2018 05:18 AM

පස්සේ දොරෙන් නෑවිත් ඡන්දයකට ගිහින් අගමැති උනා නම් මෙහෙම එක එක්කෙනා පස්සේ යන්න ඕන නැහැ නේ.

:       331       371

Saman Monday, 29 October 2018 05:46 AM

අන්තර්ජාලයේ තියෙන්නෙ, බැසිල් රිෂාඩ්ට පොරොන්දු වුණ දේවල් රුපියල් මිලියන 250 යි, ඇමතිකම් දෙකයි නි. ඇමතිකම් දෙකයි. හැබැයි රිෂාඩ් "බැහැ " කිව්ව කියලත් තියෙනවා..... ඔන්න දේෂප්‍රේමින්ගේ හැටි එතකොට ජනාධිපති තාත්ත පොත ලියපු චතුරිකා හිරුනිකාට කියල "මෙහාට එන්න අපි ඔයාව බලාගන්නම් කියලා" එයා කියල "මම් වැරදි වැඩ කරන්නෙ නැහැ "කියල. පාර්ලිමේන්තුව රැස්වෙනකම් හොඳ හොඳ වැඩ වෙයි.

:       3       165

udaya Monday, 29 October 2018 05:55 AM

ජනතා නායකයෝ නෙවෙයි, මේ තරම් දවසක් මහින්දගේ කට්ටිය එකතු වෙලා හොරු කියපු රිෂාඩ් බදියුදීන්ලවත් දැන් තමන්ගේ පැත්තට අදිනවා බලය රැක ගන්න.

:       0       134

d.upul Monday, 29 October 2018 05:55 AM

මේ කාලකන්නි ගෙඹි සෙල්ලම නවත්තන්න, ඊළඟ මැතිවරණයේදී අපි අපේ රට ජාතිය වෙනුවෙන් හොඳ තීරණයක් ගනිමු. අපි මෙයාල පාර්ලිමේන්තු යැව්වේ සූදු කෙලින්න නොවේ.

:       0       105

sandy Monday, 29 October 2018 06:01 AM

ලුම්බිණි, නොහැකියාව. වෙන මොනවද?

:       25       5

heshan Monday, 29 October 2018 06:05 AM

මොකක්ද මේ වෙන්නේ?

:       0       2

Ashan Monday, 29 October 2018 06:31 AM

එතකොට දැන් විල්පත්තුව අමතකද? මිනිස්සුන්ට දැන්වත් තේරෙයිද දන්නැහැ.

:       0       22

amila Monday, 29 October 2018 07:56 AM

මේක පුදුම අසාධාරණ දේශපාලන ක්‍රමයක්. තනි පුද්ගලයෙකුට ඇති වැඩි ජනතා කැමැත්ත මහින්දට. නමුත් අඩු ජනතා කැමැත්ත ඇති දේශපාලන කණ්ඩායම් කීපයක් එකතු වුණාම බහුතරෙන් රට පාලනේ කරන්නේ ඒ කණ්ඩායම. පුලුවන් නම් මේ ක්‍රමේ වෙනස් කරන්න. ජනතාවගේ වැඩි කැමැත්ත ඇති පාලකයා රට පාලනය කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදේ කියන්නේ...

:       25       0

sirimal Monday, 29 October 2018 08:35 AM

දැන් ඉතින් "ලජ්ජා නැතිකම නම්බුකාර මන්ත්‍රී කමටත් වැඩිය ලොකුයි" කියලයි කියන්න වෙන්නේ.

:       0       0

Bamunuarachchi Monday, 29 October 2018 08:40 AM

"පොරොන්දු වුණ දේවල් රුපියල් මිලියන 250 යි," දැන් කියන්නේ දෙන්නේ කාගේ සල්ලිද කව්ද දෙන්නේ කියලා. මේවගේ 10 දෙනෙක් ගන්න මිලියන 2500 ඕනේ කව්ද මේ සල්ලි දෙන්නේ. කොහේ තිබෙන සල්ලිද මේ දෙන්නේ කියන එකත් කීවොත් ඔබගේ කතාව සම්පූරණයි. නැතිනම් ඔබත් කිසිම වග විභාගයකින් තොරව කතා කරන අයගේ ගොඩට වැටෙනවාය.

:       0       6

විජිත් Monday, 29 October 2018 12:46 PM

දැනට අපි කාටවත් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. නමුත් මීළඟ මැතිවරණයේදී මේ දෙගොල්ලටම නැති අවංක, උගත්, වැදගත්, (පොලිසියේ, උසාවියේ ලියවිලා නැති) බුද්ධිමත් වගේම පරිනත තෝරා පත්කරගැනීමට අවස්ථාවක් උදාවේවා කියලා ප්‍රර්ථනා කරනවා. එදාට කැපුවත් කොළ, කැපුවත් නිල්, වැනි මෝඩ තර්කවල නොරැඳී අතීතයේදී සිදුවුන විනාශය දෙස බලා, ලස්සන රටක් ගොඩ නැගීමට අප සැම අධිෂ්ඨන කරගත යුතුයි.

:       55       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site