(ආරියරත්න රණබාහු)
රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාසිකව ලැබෙමින් තිබියදී තවත් අතිරේක දීමනාවක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාවකට අත්සන් කිරීම තමා ප්‍රතික්ෂේප කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) කොළඹදී පැවැසීය.
යම් යම් ප්‍රශ්න මතුවන්නේ මෙවැනි දේවල්වලට තමාගේ අකමැත්ත පළකිරීම නිසා යැයිද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා එම අදහස් පළකළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (06) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමිනි.
ශ්‍රී ලංකාවට පිළිගත් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම් අසීමිතයි.
අද උදෙන් කැබිනට් මණ්ඩලයේදී මේ ගැන වාද විවාද වුණා මන්ත්‍රීවරුන්ට අතිරේක දීමනාවක් දීම සඳහා රජය පැත්තෙන් යෝජනාවක් ගෙනාවා මම කිව්වා කැමති වෙන්න පුළුවන් කමක් නැහැ කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දෙන වැටුප් සහ දීමනාවන්ට අමතරව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න තමයි ඒ යෝජනාව ගෙනත් තිබුණේ. ඒ සඳහා මට ලොකු බලපෑමක් කළා.
මම කිව්වා මට නම් කැමති වෙන්න බැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දැනට මාසිකය රුපියල් ලක්ෂ 4 කට වැඩිය ලැබෙනවා තවත් රුපියල් ලක්ෂ දෙකක අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මම අත්සන් කළේ නැහැ.
ඉතින් ඒ වගේ ඒවා නිසා තමයා යම් යම් දේවල් ගැන ප්‍රශ්න මතුවන්නේ‘‘ යැයි ජනාධිපතිවරයා කීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
දැන් අපට ඔහොම කිව්වට, පස්සේ අත්සන් කරයි. එහෙම කරලා ඒකටත් සමාවට කාරණයක් කියයි.
දැන්නේ දන්නේ ලක්ෂ හතරක් මන්ත්‍රී කෙනෙකුට ගෙවනවා කියලා. ඒ කියන්නේ ලක්ෂ හතරේ එව්වා දෙසිය විසි පහක්. බුදු අම්මෝ ලක්ෂ 900 ක් මාසෙකට පඩිය. තව රාජ්‍ය ඇමතිකම්, ව්‍යාපෘති ඇමතිකම් අරව මෙව්වා දුන්නම තවත් වැඩි පඩියක්. වාහන දීමනා, කාර්යමණ්ඩල දීමනා , විදේශ සංචාර, සෞඛ්‍ය පහසුකම්, ඔව්ව මෙව්වා දුන්නහම කොහෙද රටක් ගොඩ ගන්නේ. ඔය සේරටම අමතරව කොමිස් ගැහිල්ල. අපොස උසස් පෙළ වත් සමත් නැති කෙනෙකුට මේ ගාන ගෙවනකොට ඒ අය කියන කියන පැත්තට අත උස්සන එක පුදුමයක්ද? රට අනාතයි, පව් මැද පෙරදිග ගිහින් දුක් විඳලා රටට සල්ලි හම්බ කරන මිනිස්සු. අන්තිමේ ඒ සල්ලි සේරම සුරලා අරගෙන රටේ මිනිස්සුන්ගෙත් බදු වැඩි කරලා තමයි මේ සේරම ගෙවන්නේ. අන්තිමේ මහා මිටීමක් තියල මාධ්‍යය කාරයොත් වට කරගෙන බඩ ඉරිඟු වලට සත පහක් වැඩිපුර ගෙවනවා කියනවා. අහිංසක මිනිස්සු අර කියන ලක්ෂ හතරේ පඩි ජීවිතේට අහලවත් නැති නිසා සත පහත් මාර වැඩිවීමක් කියල සතුටින් විසිර යනවා.
මේ අයට ලක්ෂ 4ක් මාසෙකට හම්බවෙලත් තවත් ලක්ෂ දෙකක් ඉල්ලනවද තුන්වේල කන්න නැති මිනිස්සු කීදෙනෙක් මේ රටේ ඉන්නවද.
මම හොඳට බලලා තියනවා රටේ ආර්ථිකය කොච්චර අගාදයකට වැටිලා තිබ්බත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වියදම් කරලා අලුත් කාර්යාල වලට යන්න, අලුත් දීමනා දෙන්න යෝජනා එනකොට අපේ රටේ දෙවෙනියට ඉන්න එක්කෙනාගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ .
චන්ද කාලේ කිට්ටු වෙනකොට දේශපාලක උතුමන්ලාට කොහොමටත් ජනතාවගේ අමාරු කම් වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා. එදාට තමා පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ගතමනා ගැනත් මතක්වෙන්නේ.
අපි ජනාධිපතිතුමාට බනිනවා තමයි. එත් විධායක බලතලවලිනුත් බාගයක් විතරක් තියාගෙන මෙවැනි වැඩ වලක්වන එක ගැන නම් ඔබතුමාට ස්තුති කරනවා. එක අතකට 19 වැනි එක නොගෙනාව නම් හොඳයි කියලත් හිතෙනවා මේවා දකින කොට.
අපරාදේ පාර්ලිමේන්තුවේදී ඕකට අත උස්සන අයව බලාගන්න බැරුව ගියා
නාගානන්දගේ ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ මේවා නැවැත්වීමටයි.
පුළුවන් කමක් තියෙනව නම් අර ලක්ෂ 4 ත් අඩු කරන්න. පාර්ලිමේන්තුවෙ ඉන්න කිසි කෙනෙක් ඒ වගේ මුදලක් ලබන්න සුදුසු උගත් කමක් හෝ වටිනාකමක් නෑ. නිකම්ම නිකම්මු ටිකක්.
ඉදිරි ඡන්දෙදි මේ 225 ම ගෙදර යවලා තවත් කට්ටියකට 400000ක් ගන්න හදලා දෙමු
අනේ මදි මේ අයට තව ලක්ෂ 5ක් වත් වැඩි කරන්න. හොද මොළ 225 ක් නේ
ජනපතිගේ බොහෝ වැඩ මට අල්ලන්නේ නැති උනාට මේ වැඩේ නම් හොදයි. මංගල සමර වීර ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රී රාජ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයන්ට ඒ ඒ මට්ටමේ හැටියට හැකිපමණ බෙදාගැනීම නිසා ඉන් මෙපිට අසරණ ජනතාව පිඩනයට පත්ව එදා වේල කන්න විදිහක් නැතිව ගෙවල් කුලී, ලයිට් බිල්, වතුර බිල්, ලෙඩට දුකට ළමයින්ගේ ගමන්ගාස්තු ඇතුළු අධ්‍යාපන කටයුතු, ඇදුම් පැළදුම් ඇතුළු එකී නොකී මෙකි විය පැහැදම් කරගත නොහැකිව කරත්තෙට අහු වූ කජු ලෙල්ල වගේ තෙරපෙනවා. ඉතින් එයාලගේ ඡන්දෙ නම් මේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ.
රටට සේවය කරන්න නම් ලක්ෂ 225 වත් එක අයකුට ඕනේ !
චෑ ලක්ෂ 4ද? අපිට කොස් ඇට කන්නවත් මදි....
ජාතික ලැයිස්තුවට උපාධිය අනිවාර්ය කරන්න.
මේ කට්ටිය අපිට කරන සේවයට තව ලක්ෂ 4ක් දුන්නත් මදි...