IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මන්ත්‍රීවරුන්ගේ බෑග් හා ෆයිල් උස්සාගෙනයාමට පොලිසිය දෙන්නේ නෑ‘

(ඩයනා උදයංගනී)
 
මන්ත්‍රීවරුන්ගේ  ෆයිල් සහ බෑග්  උස්සාගෙන යාමට පොලිස්  නිලධාරීන් ලබාදිය නොහැකි බව   වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.

 
මන්ත්‍රීවරුන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ආරක්ෂාව ලබා දීමට රජය කැප වී සිටින බව කී ඇමතිවරයා කිසිවෙකුගේ ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද කීවේය.
 
රටේම සිටින්නේ පොලිස් නිලධාරීන් 85,000ක් බව කී ඇමතිවරයා ඉන් 38,000ක් මන්ත්‍රීවරුන්ගේ හා වෙනත් අයගේ ආරක්ෂාව  යොදවා ඇතැයි ද සඳහන් කළේය.
 
ඇමති චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් පොලිස් නිලධාරීන් සිව් දෙනා දෙදෙනකු දක්වා අඩුකිරීම සම්බන්ධයෙන්  සමඟි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  
 
ඇතැම් පොලිස් කොට්ඨාශ වල පොලීසියේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට හෝ පොලිස් නිලධාරින් නොමැති තත්වයක් උදා වී ඇති බවත් ඇතැමුන් පුද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් වැඩිපුර ඉල්ලා සිටින්නේ  මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බවත් අමාත්‍යවරයා මෙහිදී කීවේය.



අදහස් (0)

‘මන්ත්‍රීවරුන්ගේ බෑග් හා ෆයිල් උස්සාගෙනයාමට පොලිසිය දෙන්නේ නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site