IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


'මීනගයා' පීලි ගතකිරීමේ අදත්

(කුෂාන් ජයවර්ධන)

අවුකන ප‍්‍රදේශයේදී ඉකුත් 21 වැනිදා රාත්‍රීයේ පීලි පැනීමට ලක් වූ මීනගයා දුම්රියේ මැදිරි හා එන්ජිම පීළි ගතකිරීමේ මෙහෙයුම තවදුරටත් ක‍්‍රියාත්මකව පවතින අතර අද (23) පස්වරුවේ එම ප‍්‍රදේශයට පැවැති වැසි තත්ත්වය ඊට තරමක් බාධාවක්ව තිබිණ.

අවුකන කලාඔය පාලම මත දි පීලි පැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම ද යළි පීලි ගතකිරීම සඳහා මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩලය වෙහෙසෙමින් සිටිති.

දුම්රිය එන්ජිම පීලි පැන නැවතී ඇති පාලම දක්වා අනතුරින් විනාශව තිබූ දුම්රිය මාර්ගය අලුතින් සැකසීම අද දිනයේ සිදු කෙරිණ.

අද පස්වරුවේ ප‍්‍රදේශයට පතිත වූ වර්ෂාව දුම්රිය එන්ජිම හා ඉතිරිව ඇති මැදිරි දෙක පීලිගත කිරීම සඳහා වූ මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවිය.

දුම්රිය එන්ජිම හා අනෙකුත් දුම්රිය මැදිරි දෙක පීලිගත කිරීම අසීරු කටයුත්තක්ව ඇති හෙයින් ඒ සඳහා කොළඹ සිට විශේෂ දුම්රිය දොඹකරයක් ද එම ස්ථානයට ළගා වී තිබේ.

මේ වනවිට ප‍්‍රදේශය වැසි තත්ත්වය තරමක් පහව ගොස් ඇති අතර පීලි පැන ඇති දුම්රිය මැදිරි දෙකක් හා දුම්රිය එන්ජිම පීලිගත කිරීම සඳහා වූ මෙහෙයුම් කටයුතු අද රාත‍්‍රීයේ ද තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටිති

මීනගයා දුම්රිය මෙලෙස පීලි පැන අනතුරට පත්වීමත් සමඟ ඊයේ 22 දිනයේ සිට මේ වනතෙක් කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුව තිබේ.

 

    

 



අදහස් (7)

'මීනගයා' පීලි ගතකිරීමේ අදත්

anura Wednesday, 23 October 2019 07:32 PM

1815 ගෙනාපු දොඹකරේ තවමත් වැඩ බුදු සරණයි

:       1       32

sabithalatha thalatha Wednesday, 23 October 2019 07:40 PM

ආයෙමත් හයි කොරන්නේ දිරච්ච කොටන් නේද? අනේ මන්දා ඔබලගේ වැඩ. රේල් පාරේ කොටන් දාන්න සල්ලි නැහැ නමුත් රාජගිරියේ මාසෙකට මිලියන දෙකහමාරක් ගෙවලා කෘෂි කර්මාන්තෙට නගා සිටුවනවා

:       0       33

vipula Thursday, 24 October 2019 02:59 AM

මෙතන සිල්පර හොඳටම දිරලා. වගකීමකින් වැඩකරන සේවකයින් වත්, නිලධාරීන්වත් නැහැ. මාසේ පඩිය ගන්න විතරයි ඔලුවේ තියෙන්නේ... මේ වගේ අනතුරක් වුණාම අතිකාල, විශේෂ දීමනා ගන්න බලාගෙන ඉන්නේ... අනෙක මේවට යන්නේ තමන්ගේ සල්ලි නෙමෙයිනේ.. රටේ සල්ලිනේ... ගානක් නැහැ කාටවත්.

:       0       55

sevakayo Thursday, 24 October 2019 03:31 AM

හේතුව නම් යල්පැනගිය පීළි සහ සිල්පර කොටන් කොන්ක්‍රීට් ස්ලිපර්ස් දාන්න විදිහක් නැහැ.. අවශ්‍ය යකඩ ඇමුණුම් නැහැ. සල්ලි නැහැලු වෙඩි නොවදින වාහන වගේ ඕව ගන්න බැහැලු.. සේවකයින්ට බනින්න එපා. ඔවුන් ඕනෑම දෙයකට පුරුදු පුහුණු අය... අතිකාල ගන්නේ දුප්පත් සේවකයන්.... වැඩ තමයි අවශ්‍ය... ඔවුන් එකා වගේ වැඩ කරනවා..

:       0       29

lanka Thursday, 24 October 2019 05:52 AM

මම ඊයේ දාපු කොමෙන්ට් එක බලලද කොහෙද කෝච්චි දොම්බකරය ගෙනල්ලා තියෙන්නේ. ඕක ඔතෙන්ට ගෙන්න දවස් 4 -5 ක් ගිය එක තමයි අවුල. අපිම කියන්න ඕන වැඩක් කරන්නේ කොහොමද කියලා.

:       2       0

Roshan Thursday, 24 October 2019 06:46 AM

අනුර, ඔබ කියන හැටියට මේ දොඹකරේ 1815 ගෙනාවේ මොකටද? ලංකාවට දුම්රිය සේවය එන්නේ 1857 දී. පළවෙනි දුම්රිය ගමන සිදුවන්නේ 1864 දී. දොඹකරේ වැඩ ගන්නේ නැතුව ගොඩක් කල් තිබිලා වගේ.

:       0       18

Nimal Thursday, 24 October 2019 07:49 AM

අනුර, ඔබගේ දත්ත වැරදියි. ඔය දොඹකරය නිෂ්පාදිත වර්ෂය 1951... වැරදි තොරතුරු ප්‍රචාරය නොකරන්න..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 186 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1140 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site